Monday, December 4, 2023
spot_img

Latest Posts

විශිෂ්ඨයන් දෙදෙනෙකුට නොබෙල් ත්‍යාග

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හංගේරියාවේ කැටලින් කරිකො සහ අමෙරිකාවේ ඩ්රිව් වයිස්මන් විසින් වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමිකර ගෙන ඇත.

mRNA කොවිඩ් – 19 එන්නත වර්ධනය කිරීම සඳහා දැක්වූ සහාය හේතුවෙන් එම ත්‍යාගය ලබාදී ඇති අතර , ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාට අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ ත්‍යාග මුදලක් හිමිවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම mRNA කොවිඩ් – 19 එන්නත් වන Moderna සහ Pfizer එන්නත් නිර්මාණය කරනුයේ වෙනත් ප්‍රවේශයක් යොදාගනිමින් වීම විශේෂත්වයක් වන අතර, සාමාන්‍යයෙන් සාම්ප්‍රාදායික එන්නත් නිර්මාණය කරනු ලබන්නේ මැරුණු හෝ දුර්වල වෛරස් කොටස් භාවිතයට ගනිමින් බව වර්තා වේ.

එක්සත් ජනපදයේ වෛද්‍ය හා විද්‍යාවේ විශාලතම එකක් වන මෙම සම්මානය පසුගිය වසර 20 තුළ ඇල්බනි වෛද්‍ය මධ්‍යස්ථානය විසින් වෛද්‍ය පර්යේෂණ පාඨමාලාව වෙනස් කර විශිෂ්ඨ දස්කම් දක්වූ අයට ලබා දී ඇත.

වයිස්මන් සහ කරිකෝ විසින් දශක ගනනාවක වැඩකටයුතු වලින් පසුව මෙම ගෞරවය පැමිණෙන්නේ, ඔවුන්ගේ විද්‍යාත්මක සොයාගැනීම සඳහා mRNA එන්නත් සෑදීම සහ Pfizer/BioNTech SARS-CoV-2 එන්නතද ඇතුළුව, මෑතකදී සම්පූර්ණ FDA අනුමැතියද ලබා ගනීමෙන් පසුවයි.. 2005 දී, ඔවුන් පර්යේෂනය ආරම්භ කළ අතර, එය චිකිත්සකයක් ලෙස භාවිතා කිරීම සඳහා mRNA වෙනස් කළ හැකි ආකාරයද සොයා ගෙන ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.