නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ නිවසේ තිබූ සේප්පුවක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වන සංජය සමරසිංහගේ නිවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (16) රාත්‍රියේ සෝදිසි කර තිබිණි.

එහිදී හමුවූ ආරක්ෂිත සේප්පුවක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සංජය සමරසිංහගේ නිවසට පෙරේදා රාත්‍රී 10.30ට පමණ පැමිණි මෙම අල්ලස් කොමිසමේ කණ්ඩායම ඊයේ අලුයම 04.30 පමණ වනතෙක් සෝදිසිකිරීම් සිදුකර තිබූ බවයි නීතීඥ මනෝජ් ගමගේ මාධ්‍ය වෙත පවසා තිබුණේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 18) දිනයේදී දිවයිනේ බොහෝ...

කාවන්තිස්ස මහ ඇතුගේ අවසන් කටයුතු සියඹලන්ගමුවේදී සිදුකෙරේ. විපක්ෂ නායක සජිතුත් එක්වෙයි

මෙරට සිටි විශාලතම හස්තියකු වූ කාවන්තිස්ස ඇතුගේ දේහය පිළිබඳ...

ප්‍රහාරයක් බව කියමින් බලංගොඩ කස්සප හිමි රෝහල්ගත වෙයි. පැයකින් පමණ පිටව යයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාරමහාදේවී...

ජනපති අනුර අද බදුල්ලේ කාන්තාවන් හමුවට

"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" මැයෙන් ජනාධිපති අනුර...