සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): වාරි ජලාශවල ජල මට්ටම 27%ක පමණ ප්‍රමාණයේ පවතින බවත්, දිවයිනේ නිරිත දිග කොටසට අධික වැසි ඇදහැලුණ ද වියළි කලාපයට සැලකිය යුතු වර්ෂාපතනයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට දැනුම්දෙන්නේ, තවදුරටත් ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවයි. ඊයේ (01) දිනයේ වැසි වාර කිහිපයක් පමණක් එම ප්‍රදේශ වලට ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??