රථවාහන ආදායම් බලපත්‍ ලබා ගැනීමේ නව පද්ධතිය මේ මස 07 වැනිදා සිට !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) හඳුන්වාදීම සිදුකරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

මෙම නව ක්‍රමය මගින් නිවසේ සිට මෝටර් රථවාහන ආදායම් බලපත්‍ර (eRL 2.0) ලබාගත හැකි බවත් , බස්නාහිර පළාත හැර සෙසු සියලුම පළාත්වල මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ පිළිබඳ අදහස් දැක්වූ කනක හේරත් මහතා,

” මේ රටේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට මෙන්ම අක්‍රමිකතා අවම කර ගැනීමට සමස්ත රාජ්‍ය සේවයම ඩිජිටල්කරණයට ලක් කළ යුතුයි. එනිසා මේ පිළිබඳව අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 අයවැය ප්‍රකාශය හරහා මෙරට සියලුම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට ලක් කළ යුතු බව සඳහන් කළා.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ලක් කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ප්‍රාදේශීය සභා, නගර සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන නවයක් තෝරා ගෙන නියමු ව්‍යාපෘති නවයක් ක්‍රියාත්මක වෙනවා.
මීට අමතරව මේ මස 07 වැනිදා සිට (eRL 2.0) වාහන ආදායම් බලපත්‍ර ද මාර්ගගත ක්‍රමය තුළින් ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

බස්නාහිර පළාත හැර සෙසු පළාත් 8ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේ වැඩසටහන සෑම රාජ්‍ය ආයතනයකටම ව්‍යාප්ත කිරීමට සහ ලබන වසරේ මාර්තු මස වන විට සියයට සියයක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවීම් කටයුතු කර ගැනීමට අවශ්‍ය කටයුතු ද සිදු කෙරෙමින් පවතිනවා.
ඩිජිටල්කරණය තුළින් සමස්ත රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂමව කිරීම හා ශක්තිමත් කිරීම ලබන වසර වන විට සිදු කර ගැනීමට කටයුතු කරනවා. එම වැඩඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමට ‘ඩිජිකොන් 2023-2030’ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආරම්භ කර තිබෙනවා”

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කළේ , ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...