Online Safety පනත් කෙටුම්පත මර්දනයට ආවරණයක්, ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවට තර්ජනයක්: අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ඉකුත් දින රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජිත මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත රට තුළ අන්තර්ජාල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සම්බන්ධයෙන් දරුණු තත්ත්වයක් ඇති කරන, පමණ ඉක්මවා යන නීතියක් බව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය අවධාරණය කරයි.

අද (02) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් හරහා එම සංගමයේ කැඳවුම්කරු සම්පත් සමරකෝන් මහතා පෙන්වා දෙන්නේ, මෙම පනත් කෙටුම්පත විශේෂයෙන්ම දරුවන් මාර්ගගත අවකාශයේ සිදුවන හානිවලින් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස නිරූපණය වූව ද, විසම්මුතිය මැඬලීම සහ මාර්ගගත අන්තර්ගතයන් සහ විවරණ සම්බන්ධයෙන් අධිකාරී පාලනයක් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් කුරිරු පියවරක් බවයි.

මෙම ප්‍රශ්නකාරී පනත් කෙටුම්පත අවිවාදයෙන්ම ප්‍රතික්ෂේප කර සිටින අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය, එය නිවැරදි කළ නොහැකි දෝෂ සහිත එකක් බව විශ්වාස කරන අතරම, සෑම අවස්ථාවක මෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී විභවය වඩා පරිපූර්ණව සාක්ෂාත් කර ගැනීම සඳහා, මූලධර්ම ආරක්ෂා කරමින්, මාර්ගගත ආරක්ෂාව සඳහා වඩාත් සමබර, යෝග්‍ය, අර්ථවත්, විනිවිද පෙනෙන ‍ ප්‍රවේශයක් වෙනුවෙන් පෙනී සිටින බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

සම්පූර්ණ නිවේදනය පහතින්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු...

තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ...

ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS)

කොළඹ LNW: සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට...

ආරක්‍ෂිත ක්‍රියාමාර්ගවලට යොමුවන්න – කාලගුණයෙන් රතු නිවේදන!

කොළඹ LNW:ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය...