රනිල්ට සහාය දුන් සියලු සිලින්ඩරයින් මහමැතිවරණය ගැනත් එකඟතාවකට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ සියලු දේශපාලන පක්ෂ නව සන්ධානයකින් ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහමැතිවරණයට තරග වැදීමට එකඟ වී ඇති බව වාර්තා වේ.

ඒ, ඊයේ (02) පස්වරුවේ කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ය.

ඔවුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරග කිරීමට නියමිත බව සඳහන්.

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීම සඳහා දේශපාලන පක්ෂ සහ සංවිධානය 34ක් එක්ව සිටියහ.

කෙසේවෙතත් ගෑස් සිලින්ඩරය ලකුණ ලබාගැනීම සම්බන්ධ අවසන් තීරණය මේ වනවිට පවතින්නේ මැතිවරණ කොමිසම හමුවේ බවයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...