සජබ ගත් අලුත්ම තීරණය!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ (LNW):

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට තරුණ නියෝජනය වැඩිකළයුතු බව නාම යෝජනා මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා ප්‍රකාශ කරන්නේ, සමගි ජන සන්ධානය මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා ලබාදීමේදී කාන්තාවන් සහ තරුණයන් සඳහා වැඩි අවස්ථාව ලබා දීමට පක්ෂය තීරණය කළ බවයි.

තරුණ නායකත්වය ගොඩනැගීම බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ මතය වී ඇති බැවින් එම යෝජනාවලට සවන් දී මෙම තීරණය ගෙන ඇති බවත්, කාන්තාවන් හා තරුණයන් ඇතුළත් වන ලෙස නවතම අපේක්ෂකයන් තිදෙනෙකු හෝ දිස්ත්‍රික්කයකින් පත් කිරීමට කටයුතු කරන බව ඒ මහතා  පෙන්වා  දුනි.

ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානය නියෝජනය කළ පක්ෂ සමග එකතු වී මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහාත් තරග කරන බවත්, සමගි ජන සන්ධානය සමග අලුතෙන් සන්ධානගත වන පක්ෂ මොනවාදැයි සාකච්ඡා කර බලා ඉදිරියේදී දැනුම්දෙන බවත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වෙයි

චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father සිනමාපටයේ පළමු...

Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ...

නරේන්ද්‍ර මොදී නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එක්සත් රාජධානියට පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා එක්සත්...