*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

නව මාදිලියේ මුදල් ග්‍රන්ථයක් – “ආර්ථිකය හසුරුවන, සතුට ගෙනෙන මුදල් “

මෙය මා විසින් රචිත 13 වැනි ආර්ථික විද්‍යා ග්‍රන්ථය යි. එමගින්, මුදල් පිළිබඳ නව දැක්මක් ඉදිරිපත් කෙරේ. එහි පදනම මෙසේ ය. 

  • රජ කාලයේ ප්‍රාථමික මුදල් ආර්ථිකයන් සඳහා ගොඩ නගා ඇති උද්ධමනවාදී මුදල් මතවාදයන් නූතන ගෝලීය මුදල් ආර්ථිකයන්ට නොගැලපේ. 
  • නූතන මුදල් ද නිෂ්පාදන සම්පතක් ලෙස උපයෝජනය කෙරෙන නිෂ්පාදනයකි. මුදල් නිෂ්පාදන මූලය ණය යි. 
  • එසේ මුදල් නිෂ්පාදකයන් වන්නේ, මහ බැංකුව, බැංකු, ඡායා බැංකු සහ රජය යි. 
  • එබැවින්, මහජනතාවගේ ජීවන මට්ටම ඉහළ දැමීමට අවශ්‍ය පරිදි මුදල් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. 
  • වෙනත් නිෂ්පාදනයන්වල මෙන් මුදල් සඳහා ද පිරිවැයක් සහ ප්‍රතිලාභයක් පවතී. 
  • බංකොලොත්භාවය සහ ආර්ථික අර්බුදයන් යනු මුදල් පිරිවැය සහ ප්‍රතිලාභ පිළිබඳ දුර්වල කළමනාකරණයේ ප්‍රතිඵලය යි. 
  • එය පුද්ගලයන්ට, කුටුම්බයන්ට, ව්‍යාපාරයන්ට සහ රජයන්ට ද පොදු ය. 
  • එබැවින්, මුදල් නිෂ්පාදනය සහ උපයෝජනය සඳහා වෙළෙඳපොළ විනයක් පැවතිය යුතුය. 
  • මුදල් වෙළෙඳපොළ විනය ප්‍රවර්ධනයේ එක් මාර්ගයක් ලෙස මුදල් නිෂ්පාදනය ද රාජ්‍ය නියාමනයට යටත් වෙයි. එය ප්‍රධාන වශයෙන් රාජ්‍ය මුදල් සහ මහ බැංකු මුදල් නියාමනය තුළින් සිදු කෙරේ.
  •  උද්ධමනය පාලනය කිරීමේ පැරණි මතවාදය මත මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය හරහා මුදල් මුද්‍රණය පාලනය කිරීම,  නූතන මුදල් ක්‍රමයන් තුළ ප්‍රයෝගික පදනමක් නොමැත. එබැවින්, ආර්ථිකය සහ මහජන ජීවන මට්ටම ඉහළ දැමීම සඳහා රජය විසින් මුදල් නිෂ්පාදනය හරහා කෙරෙන රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් ප්‍රමුඛ ස්ථානයක් ගනී.
  • එබැවින්, මුදල් නියාමනය කළ යුත්තේ, ජීවන තත්ත්වය ඉහළ දැමීම සඳහා නිෂ්පාදන ක්‍රියාකාරකම් වර්ධනය පිණිස ආර්ථික සම්පතක් ලෙස මුදල් නිෂ්පාදනය සහ බෙදා හැරීමේ දිගු කාලීන ආර්ථික සංවර්ධන දැක්මක් මත ය.

එහෙත්, කිසිම ආර්ථික විද්‍යා න්‍යායක් හෝ සමීකරණයක්, ප්‍රස්තාරයක් හෝ  සංකීර්ණ සංඛ්‍යා වගු හෝ නොමැතිව කථා කරන භාෂාවෙන් මෙම ග්‍රන්ථය සකසා ඇත. 

  • මෙම ග්‍රන්ථය සැකසීමේ විශේෂ අරමුණ වූයේ, මහජන ජීවන මට්ටම ඉහළ දැමීමේ පරම අභිලාෂයෙන් වෙහෙසෙන දේශපාලන නායකයන්ට,බැංකු කරුවන්ට සහ ආර්ථික කළමනාකරුවන්ට නූතන මුදල් පිළිබඳ ප්‍රයෝගික ආර්ථික විද්‍යා අවබෝධයක් ලබා දීම යි.

එබැවින්, විභාගයන් සඳහා ආර්ථික විද්‍යා විෂය ග්‍රන්ථවල ඉගැන්වෙන න්‍යායාත්මක මුදල් පාඩම් සහ මෙම ග්‍රන්ථයේ ඉදිරිපත් කෙරෙන ප්‍රයෝගික මුදල් පාඩම් අතර පැහැදිළි වෙනසක් පවතී.

උදාහරණ ලෙස න්‍යායාත්මක විෂය ග්‍රන්ථවල මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය, ඒ මත බැංකු විසින් තැන්පතු හරහා මුදල් මැවීම සහ උද්ධමන බිය පිළිබඳ ව ඉදිරිපත් කළ ද, මෙම ග්‍රන්ථය මගින් ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා උපයෝජනය කෙරෙන විවිධ මුදල් වර්ගයන් නිෂ්පාදනය සහ ගනුදෙනු කෙරෙන පද්ධතිය ඉදිරිපත් කෙරේ.

මා විසින් රචිත අනෙක් ග්‍රන්ථයන් මෙන් මෙම ග්‍රන්ථය ද, හුදෙක් ආර්ථික විද්‍යා විෂය ප්‍රවර්ධනය කිරීමට නොව, ආර්ථික විද්‍යා විෂය දැනුම මහජන ජීවන තත්ත්වය උසස් කිරීමට භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස සැකසී ඇත.

සරසවි ප්‍රකාශනයක් වන මෙහි මිල රුපියල් 850 කි. මේ දිනවල කොළඹ පොත් ප්‍රදර්ශන සරසවි පොත්හලෙන් ද මිල දී ගත හැකිය.

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Economy Discovery

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan