චීනයේ විදුලි මෝටර් රථ කෙරෙහි රේගු බදු පැනවීමට එරෙහි ජර්මනියේ විරෝධය

Date:

කොළඹ LNW: චීනයේ විදුලි මෝටර් රථ කෙරෙහි යුරෝපා සංගමය සහනාධාර විරෝධි තාවකාලික රේගු බදු පැනවීම සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කර එය විසඳීමට කටයුතු කරන බව ජර්මනියේ අග්‍රාමාත්‍ය Olaf Scholz මහතා ඊයේ(2) ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමයේ ප්‍රතිපියවර මගින් තමන්ට හානි සිදු නොවිය යුතු බව ද හෙතෙම අවධාරණය කරන ලදී.

ජර්මන් මුදල් අමාත්‍ය Christian Lindner මහතා එදිනම සිය රජයෙන් ඉල්ලා සිටියේ හෙට(4) පැවැත්වීමට නියමිත යුරෝපා සංගමයේ ඡන්ද විමසීමේදී චීනයේ විදුලි මෝටර් රථ කෙරෙහි සහනාධාර විරෝධි තාවකාලික රේගු බදු පැනවීමට විරුද්ධව ඡන්දය ලබා දෙන ලෙසයි.

යුරෝපා සංගම් කමිටුව ඉදිරිපත් කළ සහනාධාර විරෝධි තාවකාලික රේගු බදු පැනවීමේ යෝජනාව වැරදි පියවරක් බව හෙතෙම ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජර්මනියේ බොහෝ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කර ඇත්තේ මෙම රේගු බදු පැනවීමට විරුද්ධ වන බවයි. ජර්මන් ආර්ථික සමෘද්ධිය බොහෝ දුරට විවෘත වෙළඳපොල හා නිදහස් වෙළඳාම මත පදනම් වන අතර යුරෝපා සංගමයේ මෙම ක්‍රියාවෙන් අවසානයේ කිසිදු ජයග්‍රාහකයෙක් නොමැති වෙළඳ ගැටළුවක් නිර්මාණය විය හැකි බව BMW සමූහයේ සභාපතිවරයා ඊයේ(2) ප්‍රකාශ කර ඇති බව ද වාර්තා විය.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...