ඉන්දියාවේ ලඩාක් අගනුවර ධර්මපාල පිළිරුවක් ස්ථාපනය කෙරේ

Date:

කොළඹ LNW: බහුතරයක් බෞද්ධයන් වෙසෙන ඉන්දියාවේ එකම ප්‍රාන්තය වන ලඩාක් (Ladakh) ප්‍රාන්තයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ ප්‍රතිමාවක් ස්ථාපනය කෙරේ.

ලඩාක් අගනුවර වන ලේහ් (Leh) හි ශ්‍රීමත් අනගාරික ධර්මපාල ප්‍රතිමාව ස්ථාපිත කිරීමේ උත්සවය පසුගියදා (සැප්.30) ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ සහ ලඩාක් ජාත්‍යන්තර මහාබෝධි මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජ්‍ය සංඝසේනා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

ලඩාක් හි පිහිටි මහාබෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටුවන ලද බුද්ධ උද්‍යානයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ ප්‍රතිමාව ස්ථාපිත කරනු ලැබ ඇත.

මෙහි දී බානගල උපතිස්ස නා හිමියන්ට ලඩාක් මහා බෞද්ධ විහාරයේ සහ ලඩාක් මහබෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ඉහලම ගෞරව උපහාර තිළිණ ප්‍රදානෝත්සවයක් ද එම පරිශ්‍රයේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමි, ලඩාක් මහාආරාමයේ විහාරාධිපති අතිපූජ්‍ය රිම්පෝචේ ඉන්දීය මහාබෝධි සංගමයේ හිටපු මහ ලේකම් සාරානාත් විහාරාධිපති අතිපූජ්‍ය දොඩම්ගොඩ රේවත හිමි, බැංගලෝර් මහාබෝධි මධ්‍යස්ථානයේ පූජ්‍ය ආනන්ද හිමි, යන ස්වාමීන් වහන්සේලා ද බෞද්ධ බැතිමතුන් අති විශාල ප්‍රමාණයක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...