පොහොර සහනාධාරය දීමට ගැටලුවක් නෑ – කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ (LNW):

අද (03) දින වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ, අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණ සියලුම නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
 
කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පශු සම්පත්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා,

“අද උදේ ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණියා. සියලුම නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් තිබ්බා. එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ගොවීන්ට පොහොර මිලදී ගැනීමේදී  QR කේත ක්‍රමයක් සකස් කරන්න කියලා. එතකොට අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ වාර්තා වූ සැනින් අදාළ මුදල බැංකු ගත කිරීමේ ක්‍රමයකට ඉදිරියේදී යනවා.”

“රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවත් ඇති වෙන්නේ නැහැ. රුපියල් 15,000ක් කලින් දීලා මැතිවරණයෙන් පසුව රු 10,000 ලබාදෙන විදියට සකස් කරන්නත් පුළුවන්. රු 25,000 වුණත් ලබාදීමේ ගැටලුවක් මං දකින්නේ නැහැ.” 

“මැතිවරණ කොමිසම දැනුම්දීලා තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය ගැසට් කළාට පසුව කිසියම් ආකාරයක වැඩිකිරීමක් සිදුකර තිබෙනවා නම් එවන් වැඩි කිරීම් මැතිවරණයෙන් පසුව දෙන්න කියලා. ඕන තරම් පොහොර තිබෙනවා.” 

“මහ කන්නයේ වගා කරන හෙක්ටයාර් ලක්ෂ 8 සඳහා පොහොර ලබාදීමට රජයට රුපියල් බිලියන 20ක වියදමක් යනවා. ගොවියන්ගේ පුද්ගලික ගිණුමට සෘජුවම ඒ මුදල් බැර කිරීමේ ක්‍රමවේදයක් හදලා තියෙන්නේ.” ලෙස ඒ මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විජේරාමේ අද මොකද වුණේ? (PHOTOS)

කොළඹ LNW: “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව...

මහින්ද විජේරාමෙන් පිටවෙයි! (PHOTOS)

කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල...

නුඹත් අද ගිහින් “මහසිළු”

තේජාන්විත ..නුඹේ ගමනට..වශීනොවූයේ කවුරුන්ද..කිරි පාට දිදුලන ..වැඩුණු දළ යුඟළ...

මැදමුලනට යන මහින්ද බලන්න දේශපාලකයින්, විදෙස් නියෝජිතයින් රැසක් විජේරාමේ නිල නිවසට!

කොළඹ LNW:"ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු...