ඇමරිකානු රජය තාවකාලිකව ඇණහිටීම අඛණ්ඩව තුන්වන දිනය දක්වා ක්‍රියාත්මක වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකානු රජයේ කටයුතු ඇණහිටීම අඛන්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වීමත් සමඟ තමා සහ ඔහුගේ අයවැය අධ්‍යක්ෂවරයා වසා දැමිය යුතු ආයතන සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

ඔක්තෝබර් 01වන දා සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය කෙටි කාලීන රජයේ අරමුදල් සැලැස්මක් සම්බන්ධයෙන් එකඟ වීමට අපොහොසත් වීමත් සමඟ රජයේ සියලු කටයුතු ඇණහිටිණි.

කොංග්‍රස් අයවැය කාර්යාලයේ (CBO) ඇස්තමේන්තුවකට අනුව, මේවන විට ෆෙඩරල් සේවකයින් 750,000 ක් පමණ වැටුප් රහිත නිවාඩු යවා ඇති අතර FBI, CIA,මිලියන දෙකක එක්සත් ජනපද හමුදා නිලධාරීන්, එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂණ තීරුබදු එකතු කිරීම්, ඖෂධ බලාත්මක කිරීමේ පරිපාලනය, වෙරළාරක්ෂක බලකාය සහ අනෙකුත් ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගුවන් ගමනාගමන පාලකවරුන් ආදී අත්‍යවශ්‍ය සේවාවන්හි නියැලෙන්නන් වැටුප් නොමැතිව රාජකාරි කරමින් සිටියි.

සභා කථානායක මයික් ජොන්සන් මේ තත්වය ඩිමොක්‍රටික් පක්ෂය ආත්මාර්ථකාමී ලෙස හඳුන්වා තිබු අතර, එය “ඩිමොක්‍රටික් වසා දැමීම” ලෙස නම් කර තිබිණි.

කම්කරු පන්තියේ ඇමරිකානුවන්ට සෞඛ්‍ය සේවා සැපයීමට අකමැති බවට රිපබ්ලිකන් පක්ෂයට ජෙෆ්රිස් චෝදනා කළ මහජන මතය සඳහා මාරිස්ට් විශ්ව විද්‍යාල ආයතනයේ අධ්‍යක්ෂ ලී මිරින්ගොෆ් පැවසුවේ, වසා දැමීම සඳහා වරද පැවරීමේදී ඇමරිකානුවන් බොහෝ දුරට පක්ෂ රේඛා බෙදී ඇති බවයි.

ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයෙන් වසර දෙකකට පසු, 2018 දෙසැම්බර් මාසයේද මේ හා සමානව රජයේ අරමුදල් සම්බන්ධයෙන් කොංග්‍රසය එකඟ වීමට අපොහොසත් වීමෙන් පසු, දින 35 ක අර්ධ රජයේ වසා දැමීමක් සිදු වූ අතර එය නූතන එක්සත් ජනපද ඉතිහාසයේ දීර්ඝතම කාලය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...