බන්ධනාගාරයෙන් ඇසෙන කතා..

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW :

ඊයේ (02) දින රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි විශ්‍රාමික ලුතිනන් කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. ඔහු එම බන්ධනාගාරයේ ‘එන්’ වාට්ටුවේ රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි පවසයි.

බන්ධනාගාර ආරංචි පැවසුවේ, නෙවිල් වන්නිආරච්චි ඇතුළු රැඳවියන් 11 දෙනෙකු එම වාට්ටුවේ රඳවා සිටින අතර විවිධ චෝදනා යටතේ අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන රජයේ සේවකයින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් අනතුරුව රඳවනු ලබන්නේ ‘එන්’ වාට්ටුවේ බවයි.

ඒ අනුව එම වාට්ටුවේ පොලිස් නිලධාරින් සහ සුරාබදු නිලධාරින් සමග නෙවිල් වන්නිආරච්චි මහතා රඳවා සිටින අතර, නෙවිල් වන්නිආරච්චි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ඊයේ පස්වරු 06ට පමණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබෙන බවද සඳහන් වේ. ඒ අනුව ඊයේ රාත්‍රියේ වෛද්‍යවරයෙකු විසින් ඔහු පරික්ෂා කිරීමට ද නියමිතව තිබුණු බවද වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි විශ්‍රාමික ලුතිනන් කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට වූ චෝදනාව යටතේයි.

ඒ අනුව ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඳුවෙමින් පවතින්නේ සුගත්ගේ පැත්තට අවනඩු හැරවීමක් ද?

නිශ්මං රණසිංහ ජනවාරි 0, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රීඩා...

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 (2026) අධ්‍යයන...

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විකල්ප හෝ මිලිටරි ක්‍රම සලකා බලන බව ධවල මන්දිරය කියයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස