දරුණු රිය අනතුරක්:එක් අයෙකු මරුට 6ක් රෝහලට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW :

අද (03) අළුයම,තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ 288 කිලෝ මීටර් කණුව ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වු අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා අරෝහල් ගත කර ඇති බව තණමල්විල මුලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟළුම් ආයතනයක රාජකාරී කටයුත්තකට ගොස් යළි බුත්තල ප්‍රදේශයට එමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් බව පැවසේ. අනතුරින් වෑන් රථයේ ගමන් ගත් ඩී 04,ඇල අතුපාර යාය, දඹුල්ල ලිපිනයේ පදිංචි කේ.ආර්.වංශතිලක නැමති 56 හැවිරිදි අයෙකු මියගොස් ඇත. ඔහු ඇඟලුම් ආයතනයේ තත්ව පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අයෙකි.

අනතුරින් වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ බිබිල කොටබෝව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සසංක උදුල චින්තක නැමති අය ඇතුළු වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් 05 දෙකෙකු තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්වයේ පසු වු තිදෙනෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබෙන බව පැවසේ.

පොලිසිය පැවසුවේ, තුවාල ලැබූවන් අවුරුදු 23, 35 හා 49 වයස්වල පසුවන පුද්ගලයන් බවයි. මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ, රියදුරුට නින්දයාම හේතුවෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය...

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...