රාජ්‍ය සේවක වැටුප් සුබසාධක දීමනා කප්පාදු කරන්නේ නෑ – සේමසිංහ

Date:

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ සුබසාධක දීමනා ගෙවීමේ හැකියාවක් නොමැති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තවමත් අවසන්ව නොමැති නමුත් සියලු අභියෝග කළමනාකරණය කර ගැනීමට සමත් වී ඇති බව පෙන්වා දෙන මුදල් රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ රාජ්‍ය සේවක වැටුප් නිසි පරිදි ගෙවීම, සුබසාධක දීමනා ගෙවීම හා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම යන කරුණු 03 සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබා දී ඇති බවයි.

එබැවින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා සුබසාධක දීමනා කප්පාදු කර ඇති බවට පළවන අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට නියමිත බවට සමාජය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙන අතර පසුගිය මාසයට නියමිත වැඩිහිටි දීමනාවද මෙතෙක් ගෙවා නොමැති බවට වාර්තා පළවිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...