තවත් 10 ක් අද කැබිනට්ටුවට ?

Date:

අද දිනයේදී තවත් කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම්දීමට නියමිත බවට මාධ්‍ය වාර්තා කරනවා.‌ කෙසේ නමුත් මේ දක්වා ජනාධිපති මාධ්‍ය අංශය හෝ ආණ්ඩු පාර්ශ්වය හෝ මේ බව තහවුරු කර නොමැත.

පළවන වාර්තාවලට අනුව කැබිනට් ඇමතිවරුන් 10 දෙනෙකු දිවුරුම්දීමට නියමිත අතර ඔවුන් සියලුදෙනා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වනු ඇත.

අද පස්වරුවේ පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමට පෙර මෙම දිවුරුම්දීමට සිදුවනු ඇත.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු 12 දෙනෙකු කැබිනට් ඇමතිවරුන් ලෙස දිවුරුම්දීමට නියමිතව තිබූ අතර කෙසේ නමුත් අවස්ථා කිහිපයකදී එය කල්දැමීමට සිදුවිය. ඊට හේතුව පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලැයිස්තුවේ ඇතුළතු ඇතැම් නම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විරෝධය එල්ල වීමයි.

අද පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමද පැවැත්වේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම වයවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් මෙම සතියේදී පැවැත්වීමට නියමිතය. එම විවාදය ඇතුළු මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කරනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...