IMF සහ ණය හිමියන් සමග සාකච්ඡා කළයුත්තේ ජනතාවට දරාගත හැකි වැඩපිළිවෙලක් – හර්ෂ

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය හිමියන් සමග සාකච්ඡා කළ යුත්තේ අපේ රටේ පහළම ආර්ථික ශක්තියක් හිමි ජනතාව බේරාගනිමින් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“අපි කියන්නෙ නෑ IMF එක ඕනෙ නෑ කියලා. නමුත් IMF එක සහ ණය හිමියන් එක්ක සාකච්ඡා කරන්න ඕනෙ අපේ රටේ මිනිස්සුන්ට දරාගන්න පුළුවන් තරමේ වැඩපිළිවෙලක්. මේ ඉස්සරහට වෙන දේ අපට පේනවා. ආර්ථික ව්‍යසනය එනවා කියලා අපි දැක්කා. දැන් ඊළඟට කරන්න යන දේත් අපට පේනවා. තමන් මේ සම්බන්ධයෙන් කිසිම වගකීමක් බාරනොගෙන, මේ පිළිබඳව හොයාබලන්න ජනාධිපතිතුමා කිසිම කමිටුවක් පත් කරන්නෙ නැතුව, පාර්ලිමේන්තුවෙන් තවම ඒ සම්බන්ධයෙන් කිසිම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නෙ නැතුව මේ කරන්න යන දේ ඉවර වෙන්නේ නොවැළැක්විය හැකි සමාජ – දේශපාලන පිපිරීමකින් මෙහෙම ගියොතින්. ඒ නිසා කරුණාකරලා අපට සවන් දෙන්න. අපි පණිවිඩකරුවෝ, අපට වෙඩිතියන්න එපා. අපි විපක්ෂයක් හැටියට රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට උදව් කරන්න සූදානම්. අපි 100%ක් විරුද්ධ නැහැ. නමුත් අපි දැනගන්න ඕනෙ සමාජයේ පල්ලෙහා ස්ථරයේ ඉන්න ජනතාව බේරාගෙන මේක කරන්න. බලහත්කාරයෙන් මේවා කරන්න බෑ”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (02) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කර්මාන්ත අංශයේ නැග්මක් – වසරේ පළමු කාර්තුවේ දී ආර්ථිකය 4.8% කින් ප්‍රසාරණය වෙලා

කොළඹ LNW:කර්මාන්ත අංශයේ විශේෂ පිබිදීම හේතුවෙන් මේ වසරේ පළමු...

පුංචි ජන්දේ ආදායම් වියදම් වාර්තා නොදුන් ලැයිස්තුව පොලීසියට!

කොළඹ LNW:ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන...

නැගෙනහිර ආදායමෙන් ලංකාවම ගොඩදාන්න ඇමති හඳුන්නෙත්තිට තවත් තනතුරක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුව දිස්ත්‍රික්...

ඇත්තටම ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරද?

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...