අප්පච්චි මළා කතාවේ අලුත්ම කොටස … (VIDEO)

Date:

රටේ නිර්මාණය වූ ජනතා අරගලය ජයග්‍රහණය කරා ගෙනයාමට නොහැකි වූයේ එහි දේශපාලන නායකත්වයක් නොතිබුණු නිසා බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

“අරගලයේ හිටියෙ නැතිවුණාට අපි සයිඩ් සපෝට් එක දුන්නා. හැබැයි ඒ අරගලය ජයග්‍රහණය කරා ගෙනයන්න බැරිවුණා. ඒකට හේතුව තමයි දේශපාලන නායකත්වයක් නෑ එතන. ජනාධිපති මන්දිරය ඇල්ලුවා. ඉන්න හිතෙන රටක් හදන්න ආපු ගෝඨාභයට යන්න රටක් හොයාගන්න බැරිවුණා. නේද ? අන්තිමට එහෙ මෙහෙ ඉබාගාතෙ ඇවිදලා දැන් ආපහු ලංකාවට ඇවිල්ලා ඉන්නවා. අනේ ඒ තරම් මිනිහෙක් මේ දේශපාලනෙත් කාපු, රටත් කාපු, අපිත් කාපු මිනිහෙක්. ශාසනෙයි පඬු හැළියයි දෙකටම කෙළියා. ඒ තරමට දේශපාලනයත් දේශපාලකයොත් පාර්ලිමේන්තුවත් තුට්ටු දෙකට ඇදලා දැම්මා. අපට දැන් පොඩි චකිතයක්, බියක්, සාංකාවක් දැනෙනවා. මොකද තාම රාජපක්ෂලා හොල්මන් කරනවා. මං අප්පච්චි මළා කිව්වට මුංගෙ පෙට්ටියට ඇණේ ගහන්න බැරිවුණානෙ. ඒකනෙ කෙළිය ! පෙට්ටියට ඇණ ගහන්නත් බැරිවුණා, වළදාන්නත් බැරිවුණා !”

විජිත් විජයමුණි සොයිසා මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති සමගි ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...