කොළඹ කොටස් වෙළඳපොලේ දෛනික ගනුදෙනු දහවල් 12.04 වනවිට අවසන් කිරීමට අද (03) සිදුවිය.
ඒ, S&P SL20 මිල දර්ශකය 5% කට වැඩි අගයකින් පහළ වැටීම හේතුවෙනි.
S&P SL20 මිල දර්ශකය 5% කට වැඩි අගයකින් පහළ වැටුණු විට කොටස් වෙළඳපොලේ ගනුදෙනු ස්වයංක්‍රීයවම විනාඩි 30ක කාලයක් සඳහා අත්හිටුවීම සිදුවේ. සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළඳපොලේ දෛනික කටයුතු දහවල් 12.30 ට අවසන් කෙරෙන අතර දහවල් 12.04 න් පසු නැවත විනාඩි 30 කින් ගනුදෙනු ආරම්භ කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති නිසා මෙසේ අද දිනයේදී 12.04 ට දෛනික ගනුදෙනු අවසන් කෙරිණි.
RN