*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

යුරෝපා කොමිසම රනිල්ගේ ඔලුව අතගා ටොක්කකුත් අනී !

යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් ලේන් මහත්මිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පිරිනමමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

යුරෝපා කොමිසමේ සභාපතිනිය පවසන්නේ ඉතිහාසයේ දැවැන්තම අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින අවස්ථාවක අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සහිතව අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙනයාමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වනු ඇතැයි විස්වාස කරන බවයි.

ඒ සඳහා යුරෝපා කොමිසමේ පූර්ණ සහයෝගය හිමිවන බවත් ජාතික සංහිඳියාවේ මාවතට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට සහාය වීමට යුරෝපා සංගමය කැප වී සිටින බවද සභාපතිනිය අවධාරණය කරනවා.

ජනාධිපතිවරයාට සුබපතමින් උර්සුලා වොන්ඩර් ලේන් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ රැස්වීමේ නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කැපවිය යුතු බවයි. සියලුම පාර්ශ්වකරුවන් අතර සංවාදයක් තුළින් ගැටලු විසඳා ගතයුතු බවත් නීතියේ ආධිපත්‍යයට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම අත්‍යවශ්‍ය බවත් ඇය සඳහන් කරනවා.

පෙර නොවූ විරූ ආර්ථික පසුබෑමේ විනාශකාරීත්වයෙන් සාර්ථකව ගොඩ ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරන උර්සුලා වොන්ඩර් ලේන් මහත්මිය ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ කරන සාකච්ඡා හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා වූ කැපවීම් මත පදනම්ව සිදු කෙරෙනු ඇතැයිද විශ්වාසය පළ කර තිබේ.

හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා වූ කැපවීම් මත පදනම්ව, දෙරටේ බැදීම් සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සමීපව කටයුතු කිරීමටද යුරෝපා කොමිසමේ සභාපතිනිය කැමැත්ක පළ කර ඇත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan