ජිනීවා හරි අවදානම් – ලංකාවට එරෙහිව රටවල් 30 ක් කඳවුරු බඳී

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 07 ක අනුග්‍රාහකත්වයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවේදී ශ්‍රී ලංකාවට අවාසිදායක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා පරාජය කළ ආකාරයෙන්ම මෙම යෝජනාව පරාජය කිරීමට හැකිවනු ඇති බවට ජිනීවාහි සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස ප්‍රකාශ කර තිබුණද මෙවර ඔවුන්ට එය එතරම් පහසු නොවන බවයි වාර්තා වන්නේ.

ලබන 06 වැනිදා හෝ 07 වැනිදා මෙම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති අතර මේ වනවිටත් ඇමරිකාව ප්‍රමුඛ රටවලට තවත් රටවල් 30 කට ආසන්න ප්‍රමාණයක සහාය හිමිව තිබේ. ඇල්බේනියාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ලැට්වියාව, ලිච්ටෙන්ස්ටයින්, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මාෂල් දූපත්, නෙදර්ලන්තය, නවසීලන්තය, ස්ලෝවැකියාව, ස්වීඩනය, උතුරු අයර්ලන්තය, තුර්කිය යන රටවල් මේ වනවිටත් යෝජනාවට පක්ෂව අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

වෙනත් වසරවලදී ශ්‍රී ලංකාවට ප්‍රබල සහයෝගයක් ලබාදුන් රුසියාවට සහ බංග්ලාදේශයට මෙවර ඡන්ද බලය හිමි නොවන අතර ඉන්දියාව සහ නේපාලය බොහෝදුරට ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටිනු ඇති බවද වාර්තා වේ. වෙනදා ශ්‍රී ලංකාව සමගට එකට සිටගත් මැද පෙරදිග රටවල් සහ අප්‍රිකානු රටවල් කිහිපයක්ද ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවට මේ දක්වා තීරණය කර නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්‍යයේ ශ්‍රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන 

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): ලොව පුරා විලාසිතා ලෝලීන්ගේ නෙත්...

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...

බ්‍රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්‍රසීලයේ ඇමසන්...

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...