ජිනීවා හරි අවදානම් – ලංකාවට එරෙහිව රටවල් 30 ක් කඳවුරු බඳී

Date:

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 07 ක අනුග්‍රාහකත්වයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවේදී ශ්‍රී ලංකාවට අවාසිදායක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා පරාජය කළ ආකාරයෙන්ම මෙම යෝජනාව පරාජය කිරීමට හැකිවනු ඇති බවට ජිනීවාහි සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස ප්‍රකාශ කර තිබුණද මෙවර ඔවුන්ට එය එතරම් පහසු නොවන බවයි වාර්තා වන්නේ.

ලබන 06 වැනිදා හෝ 07 වැනිදා මෙම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති අතර මේ වනවිටත් ඇමරිකාව ප්‍රමුඛ රටවලට තවත් රටවල් 30 කට ආසන්න ප්‍රමාණයක සහාය හිමිව තිබේ. ඇල්බේනියාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ලැට්වියාව, ලිච්ටෙන්ස්ටයින්, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මාෂල් දූපත්, නෙදර්ලන්තය, නවසීලන්තය, ස්ලෝවැකියාව, ස්වීඩනය, උතුරු අයර්ලන්තය, තුර්කිය යන රටවල් මේ වනවිටත් යෝජනාවට පක්ෂව අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

වෙනත් වසරවලදී ශ්‍රී ලංකාවට ප්‍රබල සහයෝගයක් ලබාදුන් රුසියාවට සහ බංග්ලාදේශයට මෙවර ඡන්ද බලය හිමි නොවන අතර ඉන්දියාව සහ නේපාලය බොහෝදුරට ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටිනු ඇති බවද වාර්තා වේ. වෙනදා ශ්‍රී ලංකාව සමගට එකට සිටගත් මැද පෙරදිග රටවල් සහ අප්‍රිකානු රටවල් කිහිපයක්ද ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවට මේ දක්වා තීරණය කර නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...