අදයි හෙටයි තරුෂිගේ – නදීශාගේ හෙල්ලයත් එල්ලයට

Date:

අද ආසියානු ක්‍රීඩා උළෙලේ වැඩි අවධානයක් යොමු ව තිබූ ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහභාගිවන මීටර් 800 මූලික තරගය දෙවැනියා ලෙස හමාර කරමින් ඇය අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තාය.ඇය තරග වඳින මූලික තරගයේ උපරිමයට ළගා නොවී සිය ශක්තිය ඉතුර කරගෙන ධාවනයේ යෙදුණ තරුෂි විනාඩි 2:05.48 ක කාලයක් ගත කළාය.එය ඇයගේ හොදම දක්ෂතාවයට බොහෝ පසුපසින් තිබෙන බැවින් මලල ක්‍රීඩා සූරතාවලියේදී මෙන්ම කණිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේදී ද මීටර් 800 ඉසව්වේ රන් පදක්කමට උරුමකම් කී තරුෂිට ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද පදක්කමකට යාම අපහසු නොවනු ඇතැයි සිතිය හැකිය.

එසේම මීටර් 800 කාන්තා අවසාන තරගයට වාර්තා කළ කාලයන්ට අනුව ගයන්තිකා අබේරත්න ද සුදුසුකම් ලබා ඇත.ඇය දෙවැනි මූලික තරගය විනාඩි 2:07.17 ද අවසාන තරගයට ප්‍රමාණවත් වන බැවින් කාන්තා මිටර් 800 අවසාන තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ම සිටිනු ඇත.ගයන්තිකා වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් මෙහි සිටීම තරුෂිගේ දක්ෂතාවයට කදිම පිටුවහලකි.ඇය අත්දැකීම් සහිත ක්‍රීඩිකාවක් ලෙස ඇයගේ ජයග්‍රහණය ගැන මෙන්ම ශ්‍රී ලංකාවට වඩාත් පහසු ජයග්‍රහණය කාගේද යන්න තීරණය කරමින් උපක්‍රමිකව තරුෂි කරුණාරත්නගේ හොඳම කාලය වාර්තා කර ගැනීම සඳහා ද දායකත්වය සපයනු ඇත.

එහෙත් මැද පෙරදිග නියෝජනය කරන අප්‍රිකානු සම්භවයක් ඇති වෘත්තීය මැදි දුර සහ දුර ධාවනයේ යෙදෙන ක්‍රිඩිකාවන්ට මුහුණ දෙන්නට සිඳු විම තවමත් විසි හැවිරිදි වියේ පසුවන තරුෂිට විශාල අත්දැකීමක් මෙන්ම අභියෝගයක්ය.මීටර් 400 මිශු සහය දිවීමේ තරගයේ අවසාන වරට යශ්ටිය රැඟෙන ධාවනයේ යෙදුණ තරුෂි එම මිටර් 400 තත්පර 50 ක පමණ කාලයකින් ධාවනයේ යෙදෙමින් රිදී පදක්කමක් කරා ශ්‍රී ලංකාව රැඟෙන ඒමට සමත් වුව ද,එය ධාවන පථ සම්බන්ධයෙන් බලපාන නීති උල්ලංඝණයක් නිසා ශ්‍රි ලංකාවට අහිමි විය.ඒ ධාවනයේ දී ද දකින්නට ලැබුණ තරගය අත් නොහැර සටන් කිරීමේ සුවිශේෂි ගුණය නිසා තරුෂි ලොව හොඳම ක්‍රිඩිකාව හමුවේද පහසුවෙන් පරාජය වැළද නොගන්නා එකියක යන විශ්වාසය තහවුරු කර අවසන් බැවින් අවසාන තරගයේදී ද ඇය ශ්‍රී ලංකාවේ කීර්තිය උදෙසා ඉහළම කැපවීම සිඳු කරනු සැක නැත.

එසේම ජ්‍යෙෂ්ඨ අත්දැකීම් ඇති තවත් දිරිමත් ක්‍රීඩිකාවක වන නදීශා ලේකම් ගේ අද හෙල්ල වීසි කිරීමේ ඉසව්වට සහභාගි වන්නීය.ඇයද ආසියාතික මට්ටමේ ඉදිරියෙන් සිටින හෙල්ල වීසි කරන්නයක බැවින් මේ තරගයේදී තම උපරිමය දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින්නට උත්සාහ කරනවා සැක නැත.අපි දෙදෙනාටම සුබ පතමු!.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...