ලෝක අමද්‍යප දිනය අදයි !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලෝක අමද්‍යප දිනය අදයි. ඒ වෙනුවෙන් අද දිනයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන් රැසක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් 50 ලට ආසන්න සංඛ්‍යාවක් මද්‍යසාර භාවිතයෙන් හෘද්‍යාබාධ වැනි රෝගාබාධ තුළින් මිය යන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

කාන්තාවන්ද 20% ක් පමණ මත්පැන් භාවිතයට හුරුව අති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය රූබි රූබන් මහතා කියා සිටී.

ලෝක අමද්‍යප දිනය සමරන්නේද මෙවන් වපසරියක් තුළ බවද කිව යුතුය.

මේ අත්‍ර්ර නිවේදනයක් නිකුත් කරමින් එහි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ සඳහන් කළේ, අද දිනයේ මත්පැන් සිල්ලරට විකිණීමේ සියලු ම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කරනු ලැබ ඇති බව ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...