මැකාතිට කතානායක පුටුව අහිමිවන ලකුණු

Date:

ඇමරිකා එක්සත් ජනපදයේ කතා නායක කෙවින් මැකාති ධුරයෙන් ඉවත් කිරීමට ෆ්ලොරිඩාවේ දක්ෂිණාංශික රිපබ්ලිකානුවෙකු වන කොන්ග්‍රස් සභික මැට් ගේට්ස් මෝසමක් ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය සතියේ එක්සත් ජනපදයේ බිල්පත් ගෙවීමට භාණ්ඩාගාරයේ මුදල් නොමැතිවීමත් සමඟ රජයේ කටයුතු අනහිටිමකට ලක්වන්නට ගිය අවස්ථාවේ දී ආයතනවල කටයුතු කරගෙන යාම සඳහා නොවැම්බර් 17 දක්වා රජයේ අරමුදල් දිගු කිරීම සඳහා වන වියදම් පනතක් ගෙන ඒමට මැකාර්ති විසින් දක්වන කළ සහයෝගය ඔහුට විරුද්ධව ඔහුගේම පිළේ අය ඉදිරිපත් වන්නට හේතු ලෙස සඳහන් කර තිබේ.

ජෝ බිඩෙන් පනතට අත්සන් කිරීමට පෙර කොන්ග්‍රසය සහ සෙනෙට් සභාව යන දෙකම අඛණ්ඩ යෝජනාවක් ලෙස හැඳින්වෙන පනත් කෙටුම්පත සම්මත කළ අතර ආන්ඩුව විවෘතව තබා ගැනීම සඳහා කථානායකවරයා ඩිමොක්‍රටික් පාක්ෂිකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හා යුක්රේනයට අමතර අරමුදල් සැපයීම සඳහා බිඩෙන් සමඟ රහස් ගනුදෙනුවක් ගෙන ඒම හේතුවෙන් මැකාති නෙරපා හැර ඒ වෙනුවට ස්ටීව් ස්කැලිස් ගෙන ඒමට තමා පියවර ගන්නා බවට ගේට්ස් අනතුරු අඟවා තිබිණි.

මෙහිදී මැකාති සඳහන් කර තිබුණේ, ලක්ෂ සංඛ්‍යාත ෆෙඩරල් කම්කරුවන්ට වැටුප් නොමැතිව යාමට බල කළ හැකි වසා දැමීමක් වැළැක්වීමට තමා කටයුතු කළ බවයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...