මිලියන 4.9 ක හයිටි වැසියන් ආහාර අර්බුදයක

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හයිටි අගමැති ඒරියල් හෙන්රි විසින් නැවතත් හමුදා ආධාර ඉල්ලා සිටීමෙන් පසුව , එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හයිටියට සන්නද්ධ බහුජාතික හමුදාවක් යැවීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් සහ එක්සත් ජනපදය ද එවැනි මෙහෙයුමකට සහාය දෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් දැඩි ලෙස ඉල්ලා තිබෙන අතර , කවුන්සිලයේ සාමාජිකයින් 13 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර රුසියාව සහ චීනය ඡන්දය දීමෙන් වැළකී සිටි බව වාර්තා වේ.

හයිටියේ අගනුවර සහ ප්‍රධාන වරාය වන පෝට්-ඕ-ප්‍රින්ස් හි වැඩි ප්‍රමාණයක් සටන් කරන කල්ලි පාලනය කරන බවත් එහි පැවති විරෝධතාවයකට කල්ලියක් විසින් වෙඩි තබා ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගිය බව මානව හිමිකම් කණ්ඩායම් පවසයි.

පසුගිය සැප්තැම්බර් 22 දා නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් අගමැති හෙන්රි සෙසු රටවලට පවසා ඇත්තේ සාමය යළි ස්ථාපිත කිරීම සඳහා ආරක්ෂක කවුන්සිලය විසින් හමුදා මෙහෙයුමක් අනුමත කිරීම අවශ්‍ය බවත්, ප්‍රචණ්ඩත්වය රට පුරා අස්ථාවරත්වයක් නිර්මාණය කර ඇති බවත් උද්ධමනය 50% ඉක්මවා ගොස් ඇති බැවින්, මිලියන 4.9 ක් හයිටි වැසියන් ආහාර අර්බුදයක සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

තවද, මෙම සැලැස්මට සහය දෙන ලෙසත් පිරිස් ඇතුළුව ආධාර සපයන ලෙසත්, වොෂින්ටනය මූල්‍ය සහ සැපයුම් ආධාර සැපයීමට සූදානම් බවත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා අති බවද වාර්තාවේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...