ඇමති ටිරාන් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Date:

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අද (03) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද, ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසීම සඳහා ද, තහනම් කාර්යය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිතා කිරීම වැළැක්වීම සඳහා ද, ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්යය සඳහා භාවිතා කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනා ගැනීම සඳහා සහ ප්‍රකාශයට පත්කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර සැපයීම මැඩපැවැත්වීම සඳහා ද, ඒ හා සම්බන්ධ හා ඊට ආනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම ද පිණිස වූ පනත් කෙටුම්පතක් වශයෙන් එහි හැඳින්වීම සිදු කෙරිණි.

මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ විපක්ෂය මෙම පනත් කෙටුම්පතට සම්පූර්ණයෙන්ම විරුද්ධ වන බවයි.

“මේ පනත සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් විශාල විරෝධතාවයන් ඇවිල්ලා තියෙනවා. අපි ජාත්‍යන්තරව ඉන්නේ විත්ති කූඩුවේ. මේ පනත ආවාම අපි විත්ති කූඩුවෙන් එල්ලුම් ගස්” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

ඊට පිළිතුරු දෙමින් ටිරාන් අලස් අමාත්‍යවරයා සඳහන් කළේ “මේ පනතට මුලින්ම ක්‍රියා කරලා තිබුණේ නීති කවුන්සිලය පසුගිය ආණ්ඩුව කාලේ. ඒ ලේඛනය තමයි අධිකරණ අමාත්‍යාංශයේ තිබිලා, ඊටපස්සේ සුළු වෙනස්කම් කරලා අපට භාරදීලා තිබුණේ පනත ගේන්න. ඉතින් 2016දී නීති කොමිසමෙන් හදපු ලේඛනයක් තමයි මේක” යනුවෙනි.

පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙට (04) දිනයේදී සිදුකිරීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය !

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී...

මාලිමා රජය සූර්ය බලශක්ති ක්ෂේත්‍රය විනාශ කරන්න හදනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණ වත්මන් රජය පුනර්ජනනීය...

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...