*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

සීතාට X – RAY සහ ස්කෑන් පරීක්ෂාවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය දා මහියංගනය රජමහා විහාරයේ අවසන් රන්දෝලි පෙරහැරට එක්වීමෙන් පසුව මහවැලි ගඟ අසබඩ විහාර භූමියේ ගැට ගසා සිටි මහරගම සීතා ඇතින්නට සිවිල් ආරක්ෂක බළකා සෙබළෙකු විසින් රබර් උණ්ඩවලින් වෙඩිතැබීමෙන් තුවාල සිදුවිය.

එම තුවාල සිදුවූ ස්ථානයේ X – RAY සහ ස්කෑන් පරීක්ෂාවක් සිදුකිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණු අතර, එම ස්කෑන් පරීක්ෂාවෙන් ඇතින්නගේ සිරුරේ තිබී උණ්ඩ කැබලි 8ක් නිරීක්ෂණය වී ඇත. නමුත්, එම උණ්ඩ එතරම් ගැඹුරට කා වැදී නොමැති වීමෙන් ඇතින්නගේ තත්ත්වය බරපතළ නොවන බව වෛද්‍යවරු පවසති.

ඇතින්නට වෙඩිතැබීම සඳහා යකඩ මූණිස්සම් භාවිත කළ බවටත් පරීක්ෂණ සඳහා වනජීවි දෙපාර්තමේන්තුව සිය අවධානය යොමු නොකරන බවටත් ඇතින්නගේ භාරකරු චෝදනා එල්ල කළ බැවින්, සීතා ඇතින්නට ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

එම ස්කෑන් පරීක්ෂාවේදී ඇතින්නගේ සිරුරේ තිබූ උණ්ඩ කැබලි 8ක් නිරීක්ෂණය වුවද, උණ්ඩ යකඩ මූනිස්සම් ද නැතහොත් රබර් උණ්ඩද යන්න සොයාගැනීම සඳහා X RAY පරීක්ෂාවක් සිදුකිරීමට වෛද්‍යවරුන් පියවර ගත් නමුත් තුවාලය සිදුවූ ස්ථානයේ පිහිටීම සහ උපකරණවල තාක්ෂණික අඩුපාඩුකම් හේතුවෙන් එම පරීක්ෂණ සාර්ථක වී නොමැති බව වාර්තා වෙ. නිරීක්ෂණය වූ උණ්ඩ කැබලි 8 සෙන්ටිමීටර 03කට අඩු ගැඹුරු සීමාවේ පවතින බැවින් ඇතින්නගේ තත්ත්වය බරපතළ නොවන බව වෛද්‍යවරු කියයි.

තින්නට මේ වනවිට ඇති වේදනා සමනය කිරීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රමයට ඖෂධ ගැල්වීමක් හා පත්තු බැඳීමක් ද ආයුර්වේද වෛද්‍යවරුන් පිරිසක් විසින් ඊයේ සිදුකරනු ලැබූ බවයි වර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan