*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකන් රුපියල් කෝටි 195 ක පාඩුවක් ලබයි !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය දින කිහිපයේදී දිගින් දිගටම සිදුවූ ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානා ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 195 ක පාඩුවක් සිදුව ඇති බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. එබැවින් සේවකයන්ට කිසිදු ගෙවීම් වැඩි කිරීමක් කළ නොහැකි තත්වයක පවතින බවද අමාත්‍යවරයා කිය සිටී.

අමාත්‍යවරයා තවදුරටත් පැවසූවේ, ශ්‍රීලංකන් ගුවන් සේවය ඇමරිකානු ඩොලර් කෝටි 100 කට වැඩි ණයක් ද ඒ සඳහා පොළියක්ද ගෙවිය යුතුව ඇති බවයි. ඔහු වෘත්තිය සමිති නියෝජිතයන්ට දැනුම් දුන්නේ, ගුවන් සේවාවේ ඵලදායිතාව වැඩි කළහොත් ඵලදායිතාව පදනම් කරගෙන යම් ගෙවීමක් කළ හැකි බවයි.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අඛණ්ඩ ප්‍රමාදවීම් හේතුවෙන් ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාවයන් පිළිබඳව කරුණු විමසීම සඳහා එම ගුවන් සේවයේ පාලනාධිකාරිය සහ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (2) පැවැත්වුණු අවස්ථාවේදීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan