රාජ්‍ය තාන්ත්‍රිකයින් සිය රටෙන් ඉවත්කර ගන්නා ලෙස ඉන්දියාව කැනඩාවට දැනුම්

Date:

සික් නායක බෙදුම්වාදී හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දීය රජයේ ඒජන්තයින් සම්බන්ධ බවට විශ්වාසනීය තොරතුරු ඇති බවට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ පසුගිය මාසයේ ප්‍රකාශ කිරීමත් සමඟ ඉන්දියාව හා කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුම දිගටම පවතින බැවින්, දිල්ලියේ පිහිටි සිය තානාපති කාර්යාලයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් 41 දෙනෙකු ඉවත් කළ යුතු බව ඉන්දියාව කැනඩාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයින් නැවත සිය රටට ගෙන්වා ගැනීමට ඉන්දීය විදේශ අමාත්‍යාංශය සතියක කාලයක් ලබා දී ඇති අතර ඉන්දියාව කැනේඩියානුවන් සඳහා වීසා බලපත්‍ර අයදුම්පත් සියල්ල අත්හිටුවීමත් නිසා එය ඉතා වේගයෙන් රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් දක්වා වර්ධනය වෙමින් පවතින බව ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කර තිබේ.

සැප්තැම්බර් මස මුලදී දිල්ලි හි පැවති G20 නායකයින්ගේ සමුළුව අතරතුරදී නිජ්ජාර් ඝාතනය පිළිබඳ චෝදනා අගමැති මොදී වෙත අගමැති ජස්ටින් ටෘඩෝ ගෙන ආ අතර සැප්තැම්බර් අගදී චෝදනා සමඟ ප්‍රසිද්ධියට යාමට ටෘඩෝ ගත් තීරණය ඉන්දියාව කෝපයට පත් කරනු ලැබිය.

සීක්වරුන්ට ස්වාධීන රාජ්‍යයක් සඳහා සටන් කරන ඛලිස්තානි බෙදුම්වාදී ව්‍යාපාරය ඉන්දියාව සිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් හෙයින් තහනම් කර ඇති අතර හර්දීප් සිං නිජ්ජාර්ගේ නම 2022 වසරේ ත්‍රස්තවාදී ලැයිස්තුවට පවා ඇතුලත් කර තිබිණ.

කැනඩාව ත්‍රස්තවාදීන්ට ආරක්ෂිත තෝතැන්නක් බවට ඉන්දියාව දිගින් දිගටම චෝදනා කරන අතර ඉන්දීය විදේශ කටයුතු ඇමති සුබ්‍රමනියම් ජයෂන්කර් වොෂින්ටන් ඩීසී හිදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් හා සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් හමුවී ප්‍රකාශ කර තිබුණේ, අගමැති ජස්ටින් ටෘඩෝ චෝදනාවන් දිල්ලිය ප්‍රතික්ෂේප කරන බවත්, කැනඩාව සංවිධානාත්මක අපරාධකරුවන්ට සහයෝගය ලබා දීම හේතුවෙන් ඉන්දියාව කනස්සල්ලට පත්ව ඇති බවත්ය.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිසිවෙකුට කිසිවකින් දෙවැනි නොවුණු සාරංග LANKA RIDE කිරුළු පළදයි

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: වර්ෂ 2011 දී මාතරින්...

ඉරාන උත්තරීතර නායකයාට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් වනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...