මහින්ද මහත්තයව බලන්න අපේ පරණ යාළුවෝ එනවා. හැබැයි ආපහු තාම පක්ෂෙට ගත්තේ නෑ!

Date:

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ සමයේ පක්ෂයේ තීන්දුව එරෙහිව ක්‍රියා කළ අය නැවත පක්ෂයට සම්බන්ධ කර ගැනීම ගැන තීරණයක් ගෙන නොමැති නමුත් මහින්ද රාජපක්ෂ මහතා බැලීමට ඔවුන් පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා පවසයි.

”පරණ යාළුවො ටික ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයව බලල යනවා. එතුමන්ලාගේ ඉල්ලීම් තියෙනවා. හැබැයි අපි කලින් කිව්වා වගේ තමයි අපේ පක්ෂයේ විධායක සභාවක් තියෙනවා.ඒ වගේම දේශපාලන මණ්ඩලයක් තියෙනවා. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒක ඇතුලේ තමයි සියලු තීරණ ගන්නේ. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් සාගර ලේක්මතුමාවත් නෙවෙයි තීරණ ගන්නේ. එතුමන්ලා තීරණ ප්‍රකාශ කරන ගමන් අපි ප්‍රජාතන්ත්‍රවාදිව තීරණ ගන්නේ විධායක සභාවේ හා දේශපාලන ,මණ්ඩලයේදී. ඒ හන්දා ඒකට ඕන කෙනෙකුට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් යෝජනා ඉල්ලීම් කළා එතුමාට සහයෝගය දෙන්න කියල. හැබැයි අපි එතැනදී ඒ වෙලාවේ එය ප්‍රත්ක්ෂේප කළා. ඒ නිසා සමහර ඒවාට එකඟවෙන්න පුළුවන්,එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි ඕන කෙනෙකුට පක්ෂයට ලියන්න පුළුවන්. යෝජනා ගේන්න පුළුවන්.” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...