*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

සැහැල්ලු වෙන්න ගොස් හෑල්ලු වෙයි

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 04, (LNW) කොළඹ :

පකිස්තාන ඉණිමේ මුල් කඩුලු ප්‍රමාණය වේගයෙන් බිදී යාමෙන් අත් කර ගත් ආනන්දය වැඩි වීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වන තෙක් තරගයේ දී ප්‍රතිවාදන් කෙරෙහි යොමු කරමින් තිබුණු පීඩනය සැහැල්ලු වූ බවක් පෙනෙන්නට තිබිණ.එය පැහැදීළිවම ප්‍රදර්ශනය වන්නට ගත්තේ කඩුලු 8 ක් ලකුණු 84 ට දැවුණු අවස්ථාවේදී ය.ඒ වන විට හුදෙකලා සටනක නිරත වෙමින් පකිස්තානු ලකුණු පූවරුව ගොඩ ගැනීම සඳහා අධිෂ්ඨානශීලීව සටන් කරමින් සිටි ෆැටීමාට පීඩනය යොමු කළ හැකි අන්දමට නස්රා සන්දුට වැඩි පන්දු ප්‍රමාණයකට මුහුණ දෙන්නට සිඳුවන ආකරයට සැළසුමක් දියත් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි නොවිණි.

ෆැටීමා ලකුණු 30 එල්ලී සහ ඇය සමඟ නස්රා සන්දු නවවන කඩුල්ලට ගොඩ නැඟුව ලකුණු 28 සබඳතාවය ශ්‍රී ලංකාවේ පරාජය විය.පකිස්තාන ඉණිමෙන් අනතුරුව මාධයට අදහස් දැක් වූ අනුශ්කා සංජීවනී ද පැවසුවේ සිය පන්දු යවන්නියන් හොඳින් පන්දු යැවූ බවය.අනුශ්කා පවසන ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණියේ ශක්තිය ඇත්තේ දඟ පන්දු යවන්නන් අතය.ශ්‍රී ලංකාව මුල් වරට පහර දුන් පකිස්තානයට ,පෙනෙන්නට තිබුණු ලකුණු ප්‍රමාණයට වඩා වැඩි ලකුණු ගණනකට ඉඩ දීමේ පල විපාක පකිස්තාන පන්දු යවන්නියන් ද අපූරුවට පැහැදිළි කරන්නට විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු (18/3),සුගන්ධිකා කුමාරි (19/3) සහ උදේශිකා ප්‍රබෝධනී ලකුණු 20/3 ක් ලෙස පකිස්තානය පාලනයට ගත් පන්දු යැවීමට සමාන පන්දු යැවීමක් ලෙස පකිස්තාන පන්දු යවන්න් ද ක්‍රියාත්මක විය.ශ්‍රී ලංකාව මද වේග පන්දු යැවීමට උදේශිකා ප්‍රබෝධනී පමණක් යොදා ගත් අතර පකිස්තානය සතුව දෙනෙනෙක් සිටින බවද අපි දුටිමු.

පන්දු යැවීමේ දී ඩියානා බේග් පළමු පන්දුවෙන්ම ආබාධික වූ නිසා පකිස්තානය වෙනුවෙන් එම වගකීම භාර ගත්තේ ද නායිකා ෆැටීමා සානා ය.ඇය ද ඉතා හොඳින් පන්දු යවමින් කඩුලු දෙකක් දවා ගත්තාය.එහෙත් වැඩි ගෞරවය බෙදුණේ දඟ පන්දු යවන්නන් අතරේය.ශ්‍රී ලංකාවේ අනිවර්ය ඕවර් කිහිපයේ යාර 30 සීමාවේ තාප්පයක් බැඳ දමන්නට ෆැටීමා වග කිව්වේය.එයින් මිදෙන්නට ඉහළින් පහර දෙන්නට ගිය චමරිගේ දැවී යාමත් සමඟ චමරිමය ස්වභාවය වෙනුවට කෙටි ලකුණුවලින් තරගයේ ජය ඉම ස්පර්ශ කිරීම ඔවුන්ගේ අරමුණ වන්නට ඇත.

එහෙත් පකිස්තාන පන්දු යැවීමේ හපනියන් ශ්‍රී ලංකා පිතිකරු නාමාවලියේ ඉහළ නැඟෙමින් සිටින දක්ෂ පිතිකාරිණියන් සැළසුමකට පාලනය කරමින් දවා ගත්තේය.සමස්ත ශ්‍රී ලංකා ඉණිමේ,නිලක්ෂිකා ද සිලවා ලකුණු 22 ක් සහ විශ්මි ගුණරත්න ගත් 20 ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවට ඉලක්කම් දෙකේ ලකුණු ගණනක් වාර්තා කළ අයෙක් නොවීය.

තරගයේ ලකුණු පූරුවට පහතින් පිවිසය හැකියි. https://es.pn/4gMOovP

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan