ඩයනාට එරෙහි නඩුවක් වැඩිදුර පූර්ව නඩු විභාගයට දින!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ (LNW):

කොළඹ මහාධිකරණය විසින්, හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහි නඩුවක් වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සදහා ලබන මස 4 වනදා කැදවීමට නියමකළ බව සඳහන් වේ.

කූඨ ලේඛණයක් ඉදිරිපත්කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන අතර, එම නඩුව  අද (04) කැඳවූ අවස්ථාවේ රජයේ නීතීඥවරිය කියා සිටියේ නඩුවේ සාක්ෂි ලැයිස්තුවට තවත් සාක්ෂිකරුවෙකු එක් කිරීමට තීරණය කර ඇති බවයි.

නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබෙන විත්තිකාරියගේ උප්පැන්න සහතිකයේ මුල් ගොනුව නඩු විභාගය ආරම්භයට පෙර පරික්ෂා කිරීමට අවශ්‍ය බව විත්තියේ නීතීඥවරයා දන්වා සිටි අතර, ඒ අනුව අදාළ ගොනුව සතියක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි විනිසුරුවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...