එෆ් කාණ්ඩයේ තුනට ආ ලංකාව අනතුරුව පේරු ද පරදවා වියට්නාමයට පරදියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 04, (LNW) කොළඹ :

ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන පළමු ශ්‍රේණියේ තරගාවලි දෙකක් වන යොනෙක්ස් BWF සුහන්දිනටා කුසලාන ලෝක කනිෂ්ඨ කණ්ඩායම් ශූරතා බැඩ්මින්ටන් තරගාවලියට සහ යොනෙක්ස් BWF අයි ලෙවල් කුසලාන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම මිශ්‍ර තරගවලදී මූලික වටයේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් ‘එෆ්‘ කාණ්ඩයේ තුන්වැනි ස්ථානය අත්කර ගැනීමට සමත්වීමෙන් නොනැවතී සමස්ත ශ්‍රේණිගත කිරීම්වල 17 – 24 අතර ස්ථානයක් සොයා ගැනීම සඳහා පැවති තරගයේ දී පේරු කණ්ඩායම ද ලකුණු 110 – 92 ක් ලෙස පරාජය කරන්නට සමත් වුණා.ඒ අනුව අද එම කාණ්ඩයේ ශ්‍රේණියක් දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව වියට්නාමය සමඟ පැවත් වූ තරගයේ දී ලකුණු 83 – 100 ක් ලෙස වියට්නාමයට පරාජය වුණා.

තිළිණ රාජකරුණා, වරංගනා ජයවර්ධන, රෂ්මි මුදලිගේ, රනිත්මා ලියනගේ, ෂෙනුක් සමරරත්න සහ තිදැස වේරගොඩ සහිත ශ්‍රී ලංකා කණ්ඩායම එෆ් කාණ්ඩයේ දී ලබා ගත් ප්‍රතිපල පහතින් දක්වා ඇත.
මැකාවෝ පිලට එරෙහිව ලකුණු 110-63ක ජයක්
ඉන්දුනීසියාව හමුවේ ලකුණු 62-110ක පරාජයක්
පෝලන්තය සමඟ පැවැති තරගයේදී ලකුණු 104-110ක පරාජයක්
උතුරු මරියානා දූපත් කණ්ඩායමට එරෙහිව ලකුණු 110-45ක ජයක්

මෙහිදී බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ලෝක මට්ටමේ ඉදිඑියෙන්ම සිටින ඉන්දුනීසියාව හැරෙන්නට අන් රටවල් සමඟ පැවති තරගවලදී ශ්‍රී ලංකාව දක්වා තිබෙන දස්කම් ඉහළ අගයක් ගන්නා බව පැහැදිළියි.ශ්‍රී ලංකා බැඩ්මින්ටන් අනාගතය දකිමින් කළ ආයෝජනවල ප්‍රතිපල පෙන්වන මොහොතක් හැටියට මේ තරගාවලියේ දස්කම් දැකිය හැකි අතර විශේෂ බලාපොරොත්තු සහිතව රනිත්මා ලියනගේ වෙත යොමු කර ඇති අවධානයට ඇය මේ තරගාවලියේ දී උපරිම සාධාරණය ඉටු කරන්නට සමත් වුණා.ඇය සිය තරගවලදී ඉන්දුනීසියා ක්‍රීඩිකාවන්ට පමණක් පරාජය වෙමින් ඉහළ දස්කම් දැක්වීම ලංකාවේ බැඩිමින්ටන් ආයෝජන ප්‍රතිපලදායකයි බව පෙන්වීමක් වෙනවා.
මේ වන විට ඇය ලෝක ශ්‍රේණිගත කිරීම්වල දි 123 වන ස්ථානය දක්වා පෙරට පැමිණ සිටිනවා.එසේම ජාත්‍යන්තර බැඩිමින්ටන් සම්මේලන කණිෂ්ඨ ශ්‍රේණිගත කිරීම් හි රනිත්මා 50 වන තැන පසු වෙනවා.මේ තත්ත්වයත් එක්ක මේ වැඩ පිළිවෙල සහ ආධාරය දිගටම රනිත්මා වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේනම් ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2018 දී ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යන දෙවන ක්‍රීඩිකාව විය හැකියි.දැනට ශ්‍රී ලංකාවෙන් බැඩිමින්ටන් ක්‍රීඩිකාවක් හැටියට එම අවස්ථාව උදා කර ගෙන ඇත්තේ තිළිණි ජයසිංහ පමණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...