වෙඩ්ඩාගේ අපේ ප්‍රියා බෝද්ලෙයා ලෙස විදර්ශන කුටියෙන්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 04, (LNW) කොළඹ :

ප්‍රියා සූරියසේන අද දැලි රැවුල එන කොල්ලෙක්ටත් ප්‍රියාය.ඒ හඬට ඒ තරම් ප්‍රිය නිසාය.මේ අමරණිය හඩේ තියෙන තරුණකම නිසාම හඬ මචංමය අදහසකින් වැළදගන්න තරමට මිත්‍රශීලීමය.හෘදයාංගමය.ඒ අස්සෙ ඔළුවෙ කැකෑරෙන ආදර මතක සහ රිඳවුම් පපු කැවුතු පිටින් අදලා දාලා වේදනාවන් සහ ප්‍රීතිය සම්මිශ්‍ර හෑගීමකින් ආයෙත් වයසක උන් තරුණ කරන සුළුය.

එහෙව් ප්‍රියා ගැන වෙඩ්ඩානම් අසිරිමත් වචන ගැට ගසන්නා කරපු කාව්‍යමය ප්‍රකාශනය පහත පරිදිය.
නේරංජනා ගඟින් එතෙරවුණු අතීතය
කරඬුවක තියන් අපි කර ගැහුවෙ
නේරංජනා දිහා ආදරෙන් බලන්නට
ඔබේ කටහඬ තමයි මඟ කිව්වෙ

දොරපියන් හැරපියා දුර ඈත රන්විමනෙ
සුදු පරෙවි රෑන් අහසට බැස්සෙ
අතරමඟ මුණ ගැසුණු ලිහිණින්ට ඔබෙ හඬයි
මන්දාරමේ සිහිල් දිය ඉස්සෙ

අඳුර ඔව්, අඳුර මගෙ යැයි කියා කීවාට
මට වාසනා ගෙනෙන සැණකෙළියෙ
අඳුර, අඳුරුද නැති ද අඳුරගන්නම බැරිද
දමා යනු හැකි ද තනිකර එළියෙ

බිඟු වැළප, මල් පරව ඇති ලොවක ඔය හඬට
සරතැස නිවා දැමෙයි දිවිකතරෙ
ඔබ කියන එක ඇත්ත හිත හඬනු දැන දැනම
අතීතෙට යනු හැකි ද ඉබිගමනෙ

මෙ චංචල ලෝ සුවේ මොහොතකට විතරක්ද
හිතනවිට නිිවුණු හඬ මත්තෙ
කඳු මීදුමෙන් වැසුණු රටකින් එහා තැනක
සඳ තාරකා හඬන සද්දෙ

මේ ඇමිණුම් එක්ක පොකුරු ගැසුණු පිටු 170 ක කවි 82 ක්,බෝද්ලෙයා පිළිබඳව ලියැවුණු හැඳින්වීමක් ද සහිතව “බෝද්ලෙයා“ ලෙස අච්චු ගැසී ඇත.ඒ තින්ත සුවඳත් එක්කම කවිවල මිහිරත් විඳ ගන්න කැමති පාඨක සමාජයට බෝද්ලෙයා වෙනස් ම කියවීමකට ඔබට ඇරියුම් කරන්නකි.ඟගන වර්ණකූලසූරියගේ වෙනස් පිට කවරයකින් වැසී ඇති මේ වෙනස් කවි කෘතිය මේ දිනවල පොත් ප්‍රදර්ශනයෙ විදර්ශන කුටියෙන් ලබා ගැනීමට හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...