මෙටල් බෙර වයන්නියක සිට ජපානයේ පළමු අගමැතිනිය දක්වා ‘යකඩ ගැහැනියගේ’ ගමන් මඟ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ පාලක කොන්සර්වේටිව් පක්ෂය විසින් එහි නව නායිකාව ලෙස සනේ ටකයිචි තෝරා පත් කර ගෙන ඇති අතර, 64 හැවිරිදි සනේ ටකයිචි ජපානයේ පළමු කාන්තා අගමැතිනිය බවට පත්වණු ඇත.

ටකයිචි දැඩි මතධාරී දේශපාලනඥයියක් ලෙස කීර්තියක් අත්කර ගෙන ඇති අතර ඇය අද(04) LDP නායකත්වය තහවුරු කර ගනිමින්, හිටපු අගමැති ජුනිචිරෝ කොයිසුමිගේ පුත් කෘෂිකර්ම අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි, දැඩි ලෙස තරඟකාරී අභ්‍යන්තර ඡන්ද විමසීමකින් පරාජය කිරීමට සමත්ව ඇත.

පාර්ලිමේන්තුව විසින් විධිමත් ලෙස තහවුරු කළ පසු, ටකයිචි වසර ගණනාවක් තුළ ජපානයේ පස්වන අගමැතිනිය බවට පත්වනු ඇත.

වසරකට වැඩි කාලයක් පැවති අගමැති ෂිගේරු ඉෂිබා, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (LDP) පාලක සන්ධානයට පාර්ලිමේන්තුවේ සභා දෙකෙහිම බහුතරය අහිමි වූ මැතිවරණ පරාජයන් මාලාවකින් පසු ඉල්ලා අස්වීමත් සමඟ හිස්වූ අග්‍රාමාත්‍ය ධුරයට සනේ ටකයිචි මෙලෙස තේරී පත්වන අතර ඇය හිටපු රජයේ අමාත්‍යවරියක්, රූපවාහිනී සත්කාරකවරියක් සහ හෙවි මෙටල් බෙර වයන්නියක වන ඇය ජපන් දේශපාලනයේ වඩාත් ප්‍රසිද්ධ මෙන්ම මතභේදාත්මක චරිතයකි.

ටකයිචි බ්‍රිතාන්‍යයේ පළමු කාන්තා අගමැතිනි මාග්‍රට් තැචර්ගේ දිගු කාලීන රසිකයෙකු වන අතර ඇය ‘ජපානයේ යකඩ ගැහැණිය’ වශයෙන් හඳුන්වයි.

අභාවප්‍රාප්ත හිටපු නායක ෂින්සෝ අබේගේ අනුගාමියෙකු වන ටකයිචි, ඉහළ මූල්‍ය වියදම් සහ ලාභ ණය ගැනීම් ඇතුළත් ඇබෙනොමික්ස් ලෙස හැඳින්වෙන ඔහුගේ ආර්ථික දැක්ම නැවත ගෙන ඒමට සනේ ටකයිචි තිඥා දී ඇති අතර ඇගේ පාලනය තුළ මන්දගාමී ආර්ථිකයක් සහ අඛණ්ඩ උද්ධමනය සහ එකතැන පල්වෙන වැටුප් සමඟ පොරබදමින් සිටින කුටුම්භ සමඟ සටන් කිරීම ඇතුළු බොහෝ අභියෝගවලට මුහුණ දීමට ඇයට සිදුවනු ඇති බව දේශපාලන විචාරකයන් සඳහන් කරන අතර ඇයට එක්සත් ජනපද-ජපාන සම්බන්ධතාවයේ පාඩු සහිත ගමනක් යාමට සහ පෙර රජයේ ෂිගේරු ඉෂිබා විසින් එකඟ වූ ට්‍රම්ප් පරිපාලනය සමඟ තීරුබදු ගිවිසුමක් හරහා යාමට සිදුවනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...