ඩීසල් මිල අඩුකරන්න බෑ – ඇමති කංචන හේතු කියයි

Date:

ඩීසල් ලීටරයකින් රුපියලක පමණ ලාභයක් මේ වනවිට රජයට හිමිවන නමුත් ඩීසල් මිල පහත හෙළීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“ලෝක වෙළඳපොලේ තියෙන සිංගප්පූරු ෆ්ලැට් ඇවරේජ් එක සහ ආනයනික මිල ගන්නේ. දැන් ඩීසල් මිල සඳහා රුපියලක පමණ ලාභයක් තියෙනවා. නමුත් දැන් අපට රුපියල් 10 – 15 කින් අඩුකරන්න බෑ. මොකද අපට එහෙම අඩුකළොත් අපට ඊළඟ අවශ්‍යතා වෙනුවෙන් ඉන්ධන ටික ගන්න මුදල් නැතිවෙන නිසා. එතකොට අපට පෙට්‍රල් මිල අඩුකරන්න පුළුවන් වුණේ පෙට්‍රල්වලින් රුපියල් 70ක පමණ ලාභයක් තිබුණා පහුගිය කාලේ පෙට්‍රල් ආනයනය කිරිම තුළින්. නමුත් අපට බොරතෙල් මිල මත පමණක්ම අපේ ඉන්ධන මිල තීරණය කරන්න බෑ. මොකද අපේ සම්පූර්ණ අවශ්‍යතාවය අපේ පිරිපහදුවෙන් පමණක්ම අපි පිරිමහ ගන්නේ නැති නිසා”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...