සනත් නිශාන්තට එරෙහිව අධිකරණ සේවා සංගමයෙනුත් අභියාචනාධිකරණයට පෙත්සමක්

Date:

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර ඔහුට දඬුවම් නියම කරන ලෙස ඉල්ලා අධිකරණ සේවා සංගමය විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

අධිකරණ සේවා සංගමය යනු දිවයිනේ සියලුම මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් සාමාජිකත්වය දරණ සංගමයකි.

සිය පෙත්සම මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ සනත් නිශාන්ත මහතා පසුගිය අගෝස්තු 23 වනදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී, අරගලයට සම්බන්ධ පුද්ගලයින්ට ඇප ලබාදීම පිළිබඳව කරන ලද ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවයි. එම ප්‍රකාශය තුළින් රාජ්‍ය අමාත්‍යවරයා අරගලකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරුන් සතු බලය හෑල්ලුවට ලක්කර ඇති අතර අධිකරණය සතු ගෞරවය ද හෑල්ලුවට ලක්කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය ප්‍රකාරව වරදක් කර ඇති බවත් එම පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා තිබේ.

සනත් නිශාන්ත මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට වෙනත් පෙත්සමක් ද අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති අතර ඔහුට සිතාසි ද නිකුත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව නිසා අවතැන් වූ 85,000ක් තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

ඩේසි ආච්චිට මානසික වෛද්‍ය පරීක්ෂණයක්!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැලැක්විමේ පනත යටතේ අධි චෝදනා ගොණුකර...

ගයන්ත අල්ලස් කොමිසමට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා...

පොළොන්නරුව, බැඳි වැවදී අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද (11)...