පොලිස්පති ඉවත් කරන්නැයි පොහොට්ටුවෙන් රනිල්ට දැඩි බලපෑම්

Date:

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කතාබහට ලක්ව තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කරන පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් රැසක්ම පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් කරුණු දක්වා තිබෙනවා.

ආණ්ඩුවිරෝධී උද්ගෝෂනවලදී උද්ගෝෂකයන් පාලනය කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් දැඩිව චෝදනා කර ඇති පොහොට්ටු මන්ත්‍රීවරුන්, සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති තනතුරින් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාට දැඩිලෙස බලපෑම් කර තිබෙනවා.

කෙසේ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින් සුපුරුදු නිහඬ ප්‍රතිපත්තිය අනුගමනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුවිරෝධී උද්ගෝෂණ පාලනය කිරීමේදී සිය වගකීම් ඉටු නොකළ පොලිස්පතිවරයා වහාම තනතුරින් ඉවත් කළයුතු බවත්, ඒ සඳහා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉවත් කිරීමට භාවිතා කළ ක්‍රමවේදය අනුගමනය කළයුතු බවත් පොහොට්ටු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් චෝදනා කරමින් පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ අතර ඉන් අනතුරුව අදාල චෝදනා මත ජයසුන්දර මහතාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළේය.

ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා පත්කළ අතර ඉන් අනතුරුව ඔහු ස්ථිරවම පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...