Saturday, June 3, 2023
spot_img

Latest Posts

සජිත්ගෙන් චරිතට චාන්ස් එකක් – හර්ෂ වෙනුවට චරිත කෝප් කමිටුවට

කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතා මෙවර කෝප් කමිටුවට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේන අවධානය යොමුව තිබිණි. චරිත ‌හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය කෝප් කමිටුව ආයතන ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අතර ඒ පිළිබඳව බොහෝ පාර්ශ්වයන්හි දැඩි ප්‍රසාදය හිමිව තිබිණි.

මෙවර චරිත හේරත් මහතා කෝප් කමිටුවට නම් නොකිරීම සම්බන්ධයෙන් දැඩිව කතාබහට ලක් වූයේ ඒ අනුවයි.

චරිත හේරත් මහතා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන හෙයින් ඔහුට කෝප් කමිටුවේ ස්ථානයක් හිමි නොවූ බවයි බොහෝදෙනා පවසන්නේ.

අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ තම පක්ෂයට හිමි කෝප් කමිටු සාමාජිකත්වයක් චරිත හේරත් මහතාට ලබාදීමට සූදානම් බවයි. ඒ අනුව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ස්වෙච්ඡාවෙන්ම කෝප් කමිටුවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ස්ථානය සඳහා චරිත හේරත් මහතාට අවස්ථාව හිමිවනු ඇත.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.