චතුර පුටුවට, සුදේව ඉවතට !

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයෙහි නව ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී චතුර විද්‍යාරත්න මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

චතුර විද්‍යාරත්න යනු දිවයින, ලක්බිම, ලේක්හවුස් සහ ජාතික රූපවාහිනී යන මාධ්‍ය ආයතනවල සේවය කළ අත්දැකීම් බහුල මාධ්‍යවේදියෙකි.

දිවයින පුවත්පතේ ආරම්භක මාධ්‍යවේදියෙකු සහ එහි අධිකරණ පුවත් ආවරණය කළ මාධ්‍යවේදියකු වූ රූපසිරි විද්‍යාරත්න මහතාගේ එකම පුත්‍රයා වූ චතුර විද්‍යාරත්න මහතා සිය පියාගේ අඩිපාරේම යමින් මාධ්‍ය වෘත්තියට එක් වූ අතර 2009 වසරේ සිට එංගලන්තයට පැමිණ ලන්ඩන් නුවර පදිංචිව සිටී. පසුගියදා ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙසේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයෙහි ප්‍රධාන විධායක නිලධාරී තනතුර භාරගැනීමට එකඟ වී ඇති බව සඳහන්.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මෙතෙක් පැවතියේ හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ සුදේව හෙට්ටිආරච්චි මහතා යටතේ ය. හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්ව ස්වර්ණවාහිනියට පැමිණි ඔහු ජනාධිපති මාධ්‍ය ඒකකයේ සේවය කරද්දී පවා ස්වර්ණවාහිනිය පාලනය කෙරුණේ ඔහු යටතේ ය. මේ වනවිට සුදේව හෙට්ටිආරච්චි මහතාව එම ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් කර ඇති අතර අද (04) පෙරවරුවේ එම ආයතනයට පැමිණි ඒ මහතා සියලු දෙනාටම ස්තූති කර පිටව ගිය බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්‍යයේ ශ්‍රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන 

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): ලොව පුරා විලාසිතා ලෝලීන්ගේ නෙත්...

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...

බ්‍රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්‍රසීලයේ ඇමසන්...

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...