*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

පාපැදි, මැරතන් ඇවිදීම ඔක්තෝම්බර් 8 සහ 9 ගම්පහදී,කරූව සිහි කරන්න LNW ඉල්ලීමක් කරයි

ජාතික ක්‍රීඩා උළෙලේ 47 වැන්නට අදාළව මැරතන්,පාපැදි සහ ඇවිදීමේ තරග මෙවර ගම්පහ කෙන්ද්‍ර කරගෙන ඔක්තෝම්බර් 8 සහ 9 දෙදින තුළ පැවත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇත.දශක තුනකට ආසන්න කාලයක් අඛණ්ඩව ජාතික ක්‍රීඩා උළෙලේ මෙම තරග සඳහා අඛණ්ඩව අනුග්‍රහය දක්වන නෙස්ට්ලේ සමාගම මෙවරද එම තරග අනුග්‍රාහකත්වයට ඉදිරිපත් වී ඇත.ඔවුන් ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් තරග අනුග්‍රහය සඳහා ඇති ඉතිහාසය දශක තුනකි.

මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ පිරිමි සහ කාන්තා මැරතන් තරග පැවත්වෙන්නේ ඔක්තෝම්බර් 8 වන දිනය.ඊට පෙර දින ඔක්තෝම්බර් 7 පස්වරු 1.00 සිට තරගකරුවන් ලියාපදිංචිය ක්‍රියාත්මක අතර පස්වරු 1.00 සිට පස්වරු 6.00 දක්වා ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය අසළදී මෙම ලියාපදිංචි කටයුතු සිඳු කෙරේ.කාන්තා සහ පිරිමි ඇවිදිමේ තරග පැවත්වෙන්නේ ඔක්තෝම්බර් 9 වන දිනය.එහි ලියාපදිංචි කටයුතු ඔක්තෝම්බර් 8 වන දින පස්වරු 1.00 සිට 6.00 දක්වා මැරතන් තරග ලියාපදිංචි කළ ස්ථානයේදීම සිඳු වෙයි.

පිරිමි පාපැදි තරගය ඔක්තෝම්බර් 9 වන දින පැවත්වෙන අතර කාන්තා පාපැදි තරගය පැවත්වෙන්නේ ඔක්තෝම්බර් 8 වන දා ය.කාන්තා තරගයේ ලියාපදිංචිය ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය අසළදී ඔක්තෝම්බර් 7 වන දින පස්වරු 1.00 සිට 6.00 දක්වා පැවත්වෙන අතර පිරමි තරගයේ ලියාපදිංචිය ඔක්තෝම්බර් 8 වන දා එම ස්ථානයේදී පස්වරු 1.00 සිට පස්වරු 6.00 දක්වා පැවත්වෙනු ඇත.

මෙම තරග අංශ තුනේදීම ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 50,000 ක් දෙවන ස්ථාන සඳහා රුපියල් 40,000 ක් සහ තෙවන ස්ථාන සඳහා රුපියල් 30,000 ක් ත්‍යාග ලෙස පිරිනැමෙනු ඇත.එසේම සහතික පත් සහ කුසලාන ද ජයග්‍රාහකයන් වෙනුවෙන් පිරිනැමෙන මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව බිහිකළ සුවිශේෂීම මැරතන් ක්‍රීඩකයෙක් වන ත්‍රස්තාවාදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය කේ.කරුණාරත්න ද සැමරුමට භාජනය කළ හැකිනම් වැදගත්ය.
මැරතන් කරූ නම් වූ කරුණාරත්නයන්ගේ උපන් බිම ගම්පහ දිස්ත්‍රික්කයේය.ජාතික ක්‍රීඩා උළෙලේ නෙස්ටමෝල්ට් මැරතන් තරග ජයග්‍රාහකයෙක් වන මැරතන් කරූ මිය යන්නේ ද ඔහු විසින් සංවිධානය කරන ලද මැරතන් තරගයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින්ය.එහිද අනුග්‍රහය නෙස්ට්ලේ ආයතනය දැක් වූ අතර එහිදී එම සමාගමේ නිලධාරීන්ගේද ජීවිත බේරුණේ අනූ නවයෙන්ය.එම තරගය සංවිධානය කර තිබුණේ ද ගම්පහ දිස්ත්‍රික්කයේය.ලංකාවේ මැරතන් ක්‍රීඩා අනුග්‍රහයේ පුරා වෘත්තයක් වන නෙස්ට්ලේ,නේසට්ලේ මැරක්න ඉතිහාසයේ පුරා වෘත්තයක් වන කරුණාරත්න වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ අනුගුහය ඇතිව මෙම මැරතන් තරගයේ ජයග්‍රාහකයන් මැරතන් කරූ අනුස්මරණය කර හෝ පිළිගැනීම වැදගත්ය.

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ නේස්ට්ලේ අනුග්‍රාහක චෙක්පත නෙස්ට්ලේ සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට පිරිනමන අයුරුයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan