බැංකොක් නඟර මධ්‍යයේ සාප්පු සංකීර්ණයක වෙඩි තැබීමක්!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නගර මධ්‍යයේ පිහිටි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියයාමෙන් පසු සැකපිට 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ නගරයේ වඩාත් ප්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයක් වන සහ ආසියාවේ වැඩිපුරම නැරඹුම් ස්ථානයක් වන සියම් පැරගන් වෙළඳ සංකීර්ණයේ ය.

මියගිය අය චීනයේ සහ මියන්මාරයේ සිට පැමිණි අය බව තායිලන්ත පොලිස් ප්‍රධානියා පැවසීය.

සැකකරු නිළධාරීන්ට භාර වී ඇති අතර, ඔහු අත් තුවක්කුවක් භාවිතා කර ඇති බව පොලිසිය පවසයි.

එක් ලාඕ ජාතිකයෙක්, එක් චීන ජාතිකයෙක් සහ තායිලන්ත ජාතිකයින් තිදෙනෙක් තුවාල ලැබූවන් අතර වේ.

මියගිය අයගෙන් එක් අයෙක් චීන ජාතිකයෙකු වන අතර අනෙක් පුද්ගලයා සාප්පුවේ සේවය කළ බුරුම ජාතිකයෙකු බව ජාතික පොලිස් ප්‍රධානී Torsak Sukvimol ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ප්‍රාදේශීය වේලාවෙන් 17:10ට පොලිසිය එම ස්ථානයට පැමිණ ප්‍රහාරකයා නිරායුධ කිරීමට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්පෝට් ගන්න අද (13) එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW: අද (13) දින ...

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...