මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සපයන්න – ඇමතිගෙන් උපදෙස්

Date:

කොළඹ LNW:මහ කන්නයේ වී සහ අනෙකුත් බෝග සඳහා අවශ්‍ය රසායනික පොහොර හිඟයකින් තොරව සැපයීමට පියවර ගන්නා ලෙස රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි හා පුද්ගලික අංශය සතුව පවතින පොහොර තොග පිළිබඳව සමාලෝචනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

දැනට පුද්ගලික අංශය සතුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 75,000ක් සහ රජයේ සමාගම් සතුව මෙට්‍රික් ටොන් 21,000ක් පවතින අතර බන්ඩි පොහොර හෙවත් MOP මෙට්‍රික් ටොන් 29,000ක් රජයට අයත් පො‌හොර සමාගම් සතුව තිබෙන බව එම සමාලෝචනයේදී තහවුරු වී ඇත.

මඬපොහොර හෙවත් TSP පොහොර මෙට්‍රික් ටොන් 15,000ක තොගයක් පුද්ගලික අංශය සතුව ඇති බව සඳහන්.

මේ අතර මඬපොහොර සම්පූර්ණ අවශ්‍ය ප්‍රමාණය පුද්ගලික අංශය මගින් සැපයීමට තීරණය කර තිබේ.

රජයේ පොහොර සමාගම් සපයන මිලටම පොහොර ගොවීන් වෙත ලබා දීම සඳහා පුද්ගලික අංශය විසින් කටයුතු කරන බවට දැනුම් දී තිබෙන හෙයින් පොහොර මිල ඉහළ යාමට ඉඩ නොතැබිය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය විකල්ප පියවර සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරින්ට දැනුම් දී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...