මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සපයන්න – ඇමතිගෙන් උපදෙස්

Date:

කොළඹ LNW:මහ කන්නයේ වී සහ අනෙකුත් බෝග සඳහා අවශ්‍ය රසායනික පොහොර හිඟයකින් තොරව සැපයීමට පියවර ගන්නා ලෙස රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි හා පුද්ගලික අංශය සතුව පවතින පොහොර තොග පිළිබඳව සමාලෝචනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

දැනට පුද්ගලික අංශය සතුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 75,000ක් සහ රජයේ සමාගම් සතුව මෙට්‍රික් ටොන් 21,000ක් පවතින අතර බන්ඩි පොහොර හෙවත් MOP මෙට්‍රික් ටොන් 29,000ක් රජයට අයත් පො‌හොර සමාගම් සතුව තිබෙන බව එම සමාලෝචනයේදී තහවුරු වී ඇත.

මඬපොහොර හෙවත් TSP පොහොර මෙට්‍රික් ටොන් 15,000ක තොගයක් පුද්ගලික අංශය සතුව ඇති බව සඳහන්.

මේ අතර මඬපොහොර සම්පූර්ණ අවශ්‍ය ප්‍රමාණය පුද්ගලික අංශය මගින් සැපයීමට තීරණය කර තිබේ.

රජයේ පොහොර සමාගම් සපයන මිලටම පොහොර ගොවීන් වෙත ලබා දීම සඳහා පුද්ගලික අංශය විසින් කටයුතු කරන බවට දැනුම් දී තිබෙන හෙයින් පොහොර මිල ඉහළ යාමට ඉඩ නොතැබිය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය විකල්ප පියවර සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරින්ට දැනුම් දී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...