2024 සිට සංවර්ධන ව්‍යාපෘති සඳහා නව ඇගයීම් ක්‍රියාවලියක්!

Date:

කොළඹ LNW:2024 වසරේ ජනවාරි සිට නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර නිසි ඇගයීම් ක්‍රියාවලියක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාවන් මඟහරවා ගැනීමේ අරමුණින් එම තීරණයට එළඹ තිබේ.

රටේ තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් සඳහා සාර්ථක ඇගයීම් ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ජනතාවගේ බදු මුදල් වගවීමෙන් සහ විනිවිදභාවයෙන් යුතුව සංවර්ධන ක්‍රියාවලිය සඳහා යොදවා ගැනීම සඳහා එම ඇගයීම් ක්‍රියාවලිය හේතු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

එම ඇගයීම් ක්‍රියාවලිය මඟින් දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් එම සංවිධානවල සහය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීම සඳහා වැදගත් බවයි සේමසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...