2024 සිට සංවර්ධන ව්‍යාපෘති සඳහා නව ඇගයීම් ක්‍රියාවලියක්!

කොළඹ LNW:2024 වසරේ ජනවාරි සිට නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර නිසි ඇගයීම් ක්‍රියාවලියක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාවන් මඟහරවා ගැනීමේ අරමුණින් එම තීරණයට එළඹ තිබේ.

රටේ තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් සඳහා සාර්ථක ඇගයීම් ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ජනතාවගේ බදු මුදල් වගවීමෙන් සහ විනිවිදභාවයෙන් යුතුව සංවර්ධන ක්‍රියාවලිය සඳහා යොදවා ගැනීම සඳහා එම ඇගයීම් ක්‍රියාවලිය හේතු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

එම ඇගයීම් ක්‍රියාවලිය මඟින් දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් එම සංවිධානවල සහය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීම සඳහා වැදගත් බවයි සේමසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...