අඩක් අවසන් කල නිවාස 98,000 ක ව්‍යාපෘති නැවත ආරම්භ කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. ඒ අනුව විවිධ රජයන් විසින් ආරම්භ කර අතරමග නතර කර ඇති නිවාස 98,000 ක ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමට තීරණය කළ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සුරියආරච්චි මහතා පවසයි.

ඒ සඳහා රුපියල් මිලියන 24,000 ක පමණ මුදලක් අවශ්‍ය වන බවද ඔහු පෙන්වා දෙයි.දිගින් දිගටම පත්වන ආණ්ඩු විසින් කලින් ආණ්ඩු ආරම්භ කල ව්‍යාපෘති අවසන් නොකර නව ව්‍යාපෘති ආරම්භ කිරිම නිසා මෙලෙස අඩක් අවසන් කල නිවාස 98,000 ක් ජාතික නිවාස පද්ධතියට එක් වී ඇත.

ඊයේ (03) දින පැවැත්වුණු ජංගම සේවයට සහභාගී වෙමින් සභාපතිවරයා මේ බව සදහන් කළේ, ලෝක ජනාවාස දිනයට සමගාමීව නිට්ටඹුව රන්පොකුණු ගම නිවාස යෝජනා ක්‍රමයේ ගැටළු විසදීම සඳහා එක්වෙමිණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...

Farah Khan ඔබට සුබ උපන්දිනක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇත්තටම කවුද...