*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

පාසල් සිසුන්ට පාවහන් ලබාදීමට පියවර!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් , ඉතිරි සති දෙක තුන තුළ පාසල් සිසු සිසුවියන් ලක්ෂ අටකට පාවහන් ගැනීම සඳහා රුපියල් තුන්දහසක වටිනාකමින් යුත් වවුචර්පත් ප්‍රදානය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මෙම දීමනාව 2024 වර්ෂයේ දී තව දුරටත් වැඩි කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 2024 වර්ෂයේ සිට අධ්‍යාපන පරිවර්තනීය වෙනස්කම් ක්‍රියාවට නංවමින් පරිපාලන වෙනස්කම් වෙත මුලින් ම පිවිසෙන බවත් විෂය මාලා සංවර්ධනය සඳහා ද ප්‍රමුඛ අවධානයක් යොමු කර ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ නව ක්‍රියාකාරකම් හමුවේ සිසුන් දෛනික ව පාසල් පැමිණ පන්ති කාමරය තුළ රැඳී සිටිමින් මොඩ්‍යුලර් ක්‍රියාකාරකම්වල නියැලීම අනිවාර්ය වන බවද අවධාරණය කළ අමාත්‍යවරයා , එසේම ප්‍රාථමික පන්තිවල විභාග හැකි තාක් අවම කිරීමට මෙන් ම පූර්ව ළමා විය ඉගැන්වීම් විධිමත් කිරීමට සහ ප්‍රාථමික ගුරුවරුන් වශයෙන් උපාධිධාරී පුහුණු ගුරුවරුන් බඳවාගනිමින් ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගාල්ල ගිංතොට සහිරා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමිණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan