*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

ආසියානු සූරියන්ට වෙච්චි දේ ආසියානු අනු සූරියන්ටත් සිද්ධ වෙයි

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 05, (LNW) කොළඹ :

ඉන්දියාවටත් ශ්‍රී ලංකාවට අත් වූ ඉරණමම අත් කර දෙන්නට නවසීලන්තය සමත් වුණා.නවසීලන්ත කණ්ඩායම බලාපොරොත්තු නොවූ ආකාරයේ ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවීම නිසා තරගය ගැන සිතා සිටි සැහැල්ලුව වෙනස් වී ඉන්දියාව විශාල අකරතැබ්බයකට මුහුණ දුන්නා.ඒ නිසාම පන්දු රැකිම වැනි කාරණාවලදී උඩ පන්දු පමණක් නොවන සාමාන්‍ය ආකාරයේ පන්දු රැකීම් ද අසාමාන්‍ය විදිහට වැරදෙන්නට පටන් ගත්තා.ඒ අතර ඉන්දීය පන්දු බල ඇණියේ ප්‍රබලතම බලාපොරොත්තුව වන දීප්ති ශර්මාගෙන් බේරි පන්දුවට පහර දිම වෙනුවට ඇයව කැඳවන හැම අවස්ථාවකම ප්‍රහාරයට ලක් කරමින් පන්දු යවන්නියන්ගේ විශ්වාසය පළුදු කරමින් යම් තැති ගැන්මක් ඇති කිරීම සඳහා නවසීලන්ත ක්‍රීඩිකාවන් පෙර සූදානමකින් සිටි බව පැහැදිළි වුණා.

දීප්තිට එකඳු කඩුල්ලක්වත් ලබා නොදෙමින් පන්දු ඕවර් 4 තුළ ලකුණු 45 ක් ලබා ගන්නට නවසීලන්තය සමත් වුණා.තමන් සතුව සිටින හොඳම පන්දු යැවීමේ ක්‍රිඩිකාව දැන් දැන් තර්ජනයක් වනු ඇතැයි යන විශ්වාසය ඇතිව නැවත නැවතත් දීප්තිව පන්දු ඕවර් 4 සඳහා කැඳවීමට උත්සාහ නොකර නායිකා හර්මන්පීට් කෝර් ඇයම පන්දු යැවීමට පැමිණියේනම් මේ හානිය අවම කර ගන්නට උත්සාහ ගන්නට තිබුණා.එහෙත් දීප්ති ඇති කර තිබෙන විශ්වාසය නිසා ඇයව පන්දු ඕවර් 4 ම නොයවා රදවා ගන්නට නායිකා කෝර් ගේ සම්ප්‍රදායික හැඟීම බලකෙරිම නිසා ඉන්දියාවට එරෙහිව වඩාත් පහසුවෙන් පන්දු ඕවර් 20 නිමාවේ ලකුණු 160 ක ලකුණු පූවරුවක් ලබා දෙන්නට නවසීලන්තයට හැකි වුණා.

ආරම්භක කඩුල්ල වෙනුවෙන් සුසී බේට්ස් (27) සහ ජෝර්ජියා ප්ලිමර් (34) එක්ව ගොඬ නැඟූ ලකුණු 67 ක සබඳතාවය මත පදනම්ව ගොඩ නැඟුණු නවසීලන්ත ඉණිමේ සුපිරිතම ඉණිම දියත් කරමින් තරගයේ දක්ෂතාම ක්‍රීඩිකාව වන්නට ද අවස්ථාව උදා කර ගත්තේ නායිකා සොෆි ඩිවයින් ය.ඇය පන්දු 36 දි නොදැවී ලකුණු 57 ක් ලබා ගනිමින් සිය යුතුකම ඉහළින්ම ඉටු කරන්නට සමත් වුණා.ඉන්දියාව වෙනුවෙන් රේණුකා තකූර් ලකුණු 27 ට කඩුලු 2 ක් ලබා ගනිමින් කැපී පෙණුනත්,පන්දු යවන්නියක් ලෙස සිය සංඛ්‍යා සටහන් සම්බන්ධයෙන් වැඩිම අසාධාරණයට ලක් වූ පන්දු යවන්නිය බවට අනුරාධා රෙඩ්ඩි පත් වුණා.ඇයගේ පන්දු ඉදිරියේ උඩ පන්දු ගිලිහී යාම වගේම පන්දු රැකීමේ දුර්වලතා නිසා ඇයගේ පන්දු ඒවර්වලට වැඩි පුර ලකුණු එකතු විමෙන් ඇති වූ අසාධාරණයද පදනම් කරගෙන ඇයගේ පන්දු ඕවර් 4 දී ලකුණු 28 ක් සටහන් වී තිබුණා.අනුරාධාට හිමිව තිබුණේ එක් කඩුල්ලක් පමණයි.

පිළිතුරු ඉණිම සඳහා ඉන්දියාව පිවිසුණේ ලකුණු 160 ක ලකුණු පූවරුවක් හඹා යාමේ දුෂ්කර කාර්යය ඉටු කිරීමට මෙන්ම,එවැනි ලකුණු පූවරුවක් ලබා දීමට හේතු වූ තමන්ගේ දුර්වලතා ගැන ද ඇති වූ පශ්චාත්තාපයකුත් සමඟයි.මේ අතර නවසීලන්තය සිටියේ තමන්ගේ පූර්ව අධ්‍යයනයන් මත කරන ලද සැළසුම් පිතිකරණයේ දී සාර්ථක වීමේ සතුටුදායක අවස්ථාව සමඟයි.මේ මානසිකත්වයන් අතර තිබුණු පැහැදිළි සහ නොපැහැදිළි තත්ත්වයන් සමඟ නවසීලන්ත කණ්ඩායම පන්දු යැවීමේ දී ද සිය ඉලක්කගත පෙර සැළසුම් නිසි පරිදි ක්‍රීටාවට නංවන්නට වුණා.මේ තත්ත්වය නිසා ඉන්දිය පිතිකාරිනියන්ට සාර්ථක වෙන්නට අවස්ථාවක් හිමි වුණේම නැහැ.ඔවුන්ගේ වැඩිම ලකුණුලාභිණය වූ නායිකා හර්මන්පීට් කෝර් ලකුණු 15 ක් ලබා ගත්තා.ඉන්දීය ඉණිම ලකුණු 102 ට සීමා කරන්නට නවසීලන්ත පන්දු යවන්නියන් අතරින් පෙරමුණ ගත් දකුණත් මදවේග පන්දු යවන්නී රෝස්මෙරි මේර් ලකුණු 19 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.

ඊයේ පැවති දකුණු අප්‍රිකා – බටහිර ඉන්දීය කොදෙව් සටනෙන් දකුණු අප්‍රිකාව බලාපොරොත්තු වූවාට් වඩා විශිෂ්ඨ ජයක් ලබා ගන්නට සමත් වුණා.කඩුලු 10 න් එම තරගය ජය ගනිමින් දකුණු අප්‍රිකාව සෙසු කණ්ඩායම්වලටත් යම් අනතුරු ඇඟවිමක් සිඳු කළා.

පහතින් තරග දෙකේම ලකුණු සටහන් දක්වා ඇති අතර ඡායාරූප ඉන්දීය – නවසීලන්ත තරගයට අදාළව යොමු කර තිබෙනවා.

ඉන්දීය – නවසීලන්ත ලකුණු පූවරුව – https://es.pn/3XWVlC3
දකුණු අප්‍රිකා – බටහිර ඉන්දීය කොදෙව් ලකුණු පූවරුව – https://es.pn/3XRM9yI

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan