RMV ඉහළම ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අල්ලස් ගනිද්දී කොටුවෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ වැටළීම් අංශයේ නිලධාරීන් විසින් ඊයේ (04) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, බස් රථයක පොතක් වෙනස්කර දීම සඳහා රුපියල් ලක්ෂයක මුදල් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගනිමින් සිටියදී ය.

නියෝජ්‍ය කොමසාරිස්වරයාට අමතරව නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ ලිපිකරුවකු සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිට වැඩ තහනමට ලක්වූ පුද්ගලයකු මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අල්ලස් වශයෙන් ගත් මුදල වැටළීම් නිලධාරීන් ඉල්ලා සිටි අවස්ථාවේදී එක් සැකකරුවෙකු එම මුදල් නෝට්ටු සපා කා විනාශ කිරීමට උත්සාහ දරා ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...