ප්‍රශස්ති අන්තරායකර විය හැකිය …!

Date:

අනුර බලයට ගෙන ආවේ නිශ්චිත “ඇංග්‍රි වෝට්” නියැදියකින් බව බොහෝ විචාරකයින්ගේ මතයයි..

එසේම ඒ ඇංග්‍රි ජනමතය තැන තැන කැලෑ ආන්ඩු හැදෙන විනාශයකින් කෙලවර වීමට ඉඩ නොදී පවත්නා ප්‍රජාතන්ත්‍රවාදයටම ගොනු කර ගැනීම සම්බන්දව අප අනුර ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ස්තූතිවන්ත විය යුතුව ඇත..

එසේම පත්වෙන ආන්ඩුවටද මේ angry ජනමතය විසින් ඉල්ලන, නමුත් දීමට අපහසු බොහෝ දෑ දෙන්ට බැරි උනොත් පත්වෙන ආන්ඩුවද පෙරලගෙන මේ angry ජනමතය නුදුරේදී ඔහේ ගමන්කරන බවද අවධාරනය කරනු කැමැත්තෙමි…

එබැවින් පත්වීමට නියමිත ආන්ඩුවට ඇති භාරදූර වගකීම සහ අවදානම අතිමහත්ය..

එසේම මේ සංකීර්ණ තත්වය ගැන මෙලෝ අදහසක් නැතිව නව නායකයන් ගැන ප්‍රශස්ති ලියන්නෝද යම් පිරිසක් සිටී.. මෙහිදී මේ ප්‍රශස්ති වලින් සිදුවන්නේ නව නායකයන් හමුවේ යතාර්තය වසාදැමීමයි..

මෙතෙක් ලංකාවේ පැවති ආන්ඩු බිඳදැමීමට දායක වූයේ ඒ ආන්ඩු කල ඇත්‍තන්ගේ ලඟින්ම සිටි ප්‍රශස්තිකාරයන්‍ ය..

ප්‍රශස්තිවලින් කුඩා නිකායකට බාල ජොලියක් දැනෙනු ඇත.. නමුත් එය එළියේ සමාජයට ටික දිනකින්ම ගුජුප්සාජනක විය හැකිය.. ප්‍රශස්ති යනු වැඩවසම් යුගයේ සිටි වන්දිභට්ටයන්ගේ වහල් රාජකාරියයි.. කවුරු කරත් එය දියුණු යුගයකට නොගැලපේ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...